රංජන් කස්තුරි
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව අද (20) සිට තවත් අඩු ශ්‍රේණියකට නම් කර ඇති හෙයින් ණය ගැනීමේ දී වැඩි පොලියක් ගෙවීමට සිදුවනු ඇතැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළඳපොලේ ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව මෙතෙක් බී - 1 මට්ටමේ පැවති අතර ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි බී- 2 මට්ටමට ශ්‍රේණිගත කර තිබෙන බවද හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර වෙළඳපොළේ ශ්‍රේණිගත කිරිම් පහත ගිය විට ශ්‍රී ලංකාව ණය ගැනීමේ දී අවදානම් පොලී අනුපාතය ඉහළ යන බවද ඔහු කිය.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් සියයට 5.5 ක පැවති පොලී මට්ටම සියයට 10 ක තරම් ඉහළ ගොස් ඇතැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
ඡායාරූප - ඉෂාන් සංජිව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නොවී තියෙයිද මහත්තයෝ පහුගිය අවුරුදු තුනක් රටේ කිසිම සංවර්ධනයක් ආයෝජනයක් නැතුව.
ඔය කව්රු කව්රුත් රටට දරන්නට බැරි විදියට ණය අරගෙන තමා අද මේ හේනේ රටට වැදිලා තියෙන්නේ... ඔය දකුණු පැත්තේ ඉඳගෙන ඉන්න මහත්තයට අයවැයක් ඉදිරිපත් කරගන්නට බැරි වුනෙත් ඒකයි. ඒක නිසා තමයි මහින්ද මහත්තයට ආණ්ඩුව ගන්න වුනේ... දැන්වත් ඔය ණයට ජීවත්වෙන සංස්කෘතිය නවත්වන්න...
දැන් මහින්ද කරන හැටි බලමුකෝ...
හොඳම දේ තමයි ඒ ගොල්ලන්ට කරගන්න දීලා ඔය ගොල්ලෝ යන එක. නැතිනම් මහජන ඡන්දයක් තියන එක... රටේ ජනතාව ඔබලාට කැමැති නම් නැවත බලය දේවි. හැබැයි මේ අවුරුදු 4 යහපාලකයෝ රට කරපු දෙයක් එජාපෙට පන්දම් පත්තුකරන හාදයෝ කෙනෙක්වත් මෙතන නම් ලිව්වේ නැත. කටඇරලා කියවන්නකෝ අපේ ආණ්ඩුව මේ අවුරුදු 4.. මේ මේ සංවර්ධන කළා කියලා. කලේ එකම දෙයයි මහබැංකුව කොල්ලකෑම පමණි. ඒ වැටුණු වැටිල්ල තාම වැටෙනවා...
ෆුට් නොට් හාදයා නේද අපිට දේශනා පවත්වන්නේ? මේ වෙනදේ දැකලා තමයි ජනාධිපති, අගමැති මාරුකලේ... මහින්ද යුද්ධය කළ කාලෙවත් අගාධයට නොවැටුණු රට යහපාලකයෝ එක බැංකු කොල්ලයකින් අගාධයට දැම්මා...
ඉතින් අපිද වග කියන්න ඕනේ...? මාරුවෙන් මාරුවට රට කාපු ඔබලා නොවේද?
හා හා , තව ගහගන්න පාර්ලිමේන්තුව ඇතුලේ, එතකොට බයටම පොලිය අඩුවට දේවි.
ඉතින් ඒක වුනේ ඔහේලගේ යහපාලනේ නිසා. මේ දවස් ටිකට නෙවෙයි...
සාමාන්‍ය අපිට මේක හොඳින් දැනෙනවා. මේක වෙන බව කලින්ම අවබෝධ වුණා. අවාසනාවට මේ ගැන අවබෝධයක් නැත්තේ රටේ පාලකයින්ට. එ් නිසා කරුණාකර මෙහි බරපතලකම ගැන ඒ අයට ඉතා සරලව කියාදෙන්න.
ඒවා දේශපාලකයන්ට ගානක් නෑ, අපිට තමයි ඒකත්
මහ ලොකු ආර්ථික විද්‍යා අචාර්ය! මොවුන් විදේශීය ආයෝජකයන්ට සුදුසු පරිසරයක් ගොඩනැගුවේ නෑ. දේශීය ව්‍යාපාරත් කඩා වැටුණා අධික බදු නිසා... කෘෂිකර්මාන්තයත් කඩන් වැටිලා අන්තිමේට හාලුත් පිටරටින් ගෙන්නන්න වුණා. ජනතාවට දැන් උන්නත් එකයි, මලත් එකයි. ඔය චාට් අරන් පෙන්නුවට දුප්පත් මිනිහට ඕවයින් වැඩක් නෑ. ඔවුන් කොහොමත් අමාරුවෙන් ජීවත්වෙන්නේ...
ඇයි අන්තිමට ඉහළ ගිය කොටස? ආචාර්ය උනාට වැඩක් නැහැ. .
ඕක අද ඊයේ වුන දෙයක්ද.?
ඔය කියන විදිහට මේගොල්ලන්ගේ කලේ රටේ ආර්ථිකය, ශ්‍රේණිගත කිරීම් වලින් අංක එකට තියෙන්න ඇති නේද. බොරු බයිලා, වැඩ බැරි ටාසන්ලා ඔහොම්මම තමයි.
මෙචිචර මොලේ තියෙන කෙනෙක්ව මුදල් ඇමති නොකර ටෙිලර් කෙනෙකුට ඒක දුන්නෙ ඇයි දෙයියනේ....
මේවට ඉතින් වග කියන්න ඕනේ ඔය කට්ටිය තමයි...
දැන් මේ පාර්ලිමේන්තු නාඩගම පටන් ගන්න කලින් ඔයාලා රට කරනකොට අපි හොද තැනක හිටියද? වෙලා තියෙන්නේ හිටපු පහල තැනින් තවත් පහලට ගිය එක.
කවදත් ඉතින් පහලට රූටනවා මිසක ඉහලට ඒමක් දකින්න නැහැනේ මොනම ක්ෂේත්රයකවත්.
ජාත්‍යන්තර ආයතන ලඟ එන මැතිවරණයේ ඡන්ද පදනම වෙනස් කරවීම පිනිස මොන සෙල්ලම් දැම්මත් , මහින්දගේ ඡන්ද පදනමට එයින් බාදාවක් නොවන්නෙ , බෞද්ධ , හින්දු , ඉස්ලම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් රටක් හැටියට සිතන්නට නැඹුරුවී ඇති නිසයි.
චාට් කෙසේ වෙතත් රට චාටර් වෙලා ඉවරයි.
ඉතිං අනේ අපි කීවයැ ඔයාමනෙ කීවේ ඩොලර් එක වැඩි වෙන එක ආර්ථික යට හොදයි කියලා..