
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ලෝක පරිවර්තන දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේ කථා පරිවර්තක කාර්යාලය සංවිධානය කරන ලද උත්සවයක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කථා පරිවර්තක නීතිඥ සී. එච්. කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්විණි.
මානව ශිෂ්ටාචාරයේ පැවැත්ම හා විකාශනය සඳහා භාෂාව ඉටු කර ඇති අද්විතීය කාර්යභාරය පිළිබඳව මෙහිදී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එහිදී අදහස් දැක්වූ ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී. එච්. කරුණාරත්න මහතා භාෂා පරිවර්තනය සහ කථා පරිවර්තනය යන සුවිශේෂී වෘත්තීන්හි කාලීන වැදගත්කම මුළු ලෝකයම අවබෝධ කර ගෙන සිටින බව පැවසුවේය.
පාර්ලිමේන්තු කථා පරිවර්තකයින් උදෙසා වූ ආචාර ධර්ම පද්ධතියේ කෙටුම්පතක් ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක නීතිඥ සී. එච් කරුණාරත්න මහතා වෙත පිළිගන්වීමද මෙහිදී සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd