(අංජුල මහික වීරරත්න)
ජනපති ජාතිය අමතමින් කළේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වන "සෞභාග්‍යයෙ දැක්ම" නැවත කියවීම පමණකියි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පවසයි.
රට මුහුණදී තිබෙන සැබෑ ප්‍රශ්න සඳහා ජනපති පිළිතුරක් ලබාදෙනු ඇතැයි යන මතය ජනතාව තුළ තිබු බව කී රහුමාන් මහතා රට මුහුණ දී තිබෙන අගාධයෙන් ගොඩ ඒම සඳහා ජනපති ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් යෝජනා කළේ නැතැයි ද කීයයි
ජනපති ජාතිය ඇමතුවේ වෙනත් ලෝකයක සිටයැයි ද වත්මන් ගැටලු සඳහා විසඳුම් දීමට නොහැකිවීම නිසා ආණ්ඩුව යළිත් වතාවක් අසමත් වී තිබෙන බවද කී රහුමාන් මහතා ජනපතිගේ කතාවෙන් එය නැවත වතාවක් ජනතාව හමුවේ ඔප්පු කර පෙන්වා දුන් බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කරන්නේ අනුන්ට කඩේ යනඑක අන්තිමට ලංකාව එළිමහන් සිරකඳවුරක් වෙනවා. ඔය ගන්න ණය ගෙවන්න බැරිවුණු දවසක...
ලෝකයේ රටවල පවතින විපක්ෂ අතුරින් කුහකම සහ බලය වෙනුවෙන් රට පාවා දෙන විපක්ෂය තියෙන්නේ මේ රටේ... කෝවිඩ් වසංගතෙන් හරි කමක් නෑ ගොඩ යන්න උත්සාහ කරන්නේ...
එහෙම තමයි වෙන්න ඕනෑ. කරපුවා, ඉතිරිවා දැන් බලාගන්න පුලුවන්...!!!
සිංහල තෙරියමා...?
වැඩ නැතත් ගෝඨාගේ එහෙම ප්‍රතිපත්තියක් හරි පේන්න තියෙනවා. තමුන්නාන්සේලා ආණ්ඩු කරන කාලේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා දන්නේ වැඩේ කරන කොට. ඒ කාලේ කරපුවා අපිට මතකයි. ගෝඨාගේ විකල්පය සජබය නොවන බව මතක තියාගන්න...
ඔව්, ඇයි ඔබට ප්‍රශ්නයක්ද? යහපාලනයෙන් වෙච්ච දේ හොඳටම ඇති...!!!
කටේ නරි වදන් රෙද්දෙන් බේරෙන්නේ “මල්ලි පෙන්නලා අයියාවයි දුන්නේ” කොරේ පිටට මරයකි ළඟ ළඟ එන්නේ දොරටුපාලයා රජ වෙන්නයි යන්නේ..