
(නිමල කොඩිතුවක්කු)
ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සම්බන්ධ තීරණයේදී සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාදෙන ඕනෑම තීරණයකට එකඟවන බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා කොළඹ දී අද(12) පැවසීය.
සන්ධානයේ නායකත්වය බිත්තියට හේතු කර කටට තුවක්කුව තියා ලැබෙන්න ඕන දේවල් ලබා ගැනිමට දෙමළ ප්‍රගතිශීලී සන්ධානය කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.
කොළඹ රාමඩා හෝටලයේ දී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
දුරදිග කල්පනා කර ලොකු චිත්‍රය බලා ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයේ වගකීම සන්ධාන නායක සජිත් ප්‍රේමදාස මහතාට බාරදී ඇති බැවින් ඒ පිලිබඳ ඉවසීමෙන් බලා සිටින බවද මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.
එමෙන්ම සමගි ජනබලවේගය සමග ඉදිරියේදි විපක්ෂයේ කාර්ය භාරය ඉටුකිරීමට කැපවෙන බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මෙම මාධ්‍ය හමුව සඳහා දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ සියලුම පාර්ශව එක්ව සිටියේය.
( ඡායාරූපය-ලහිරු හර්ෂණ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම ලංකා පුරවැසියෙක්... ඔබතුමාට ජය පතනවා.
නැතුව පක්ෂ නායකයා අපේ තීරණයට එකඟයිද? දැන් පක්ෂ නායකයා තම පක්ෂවලට මන්ත්රීකම් නොදුන්නොත් කඩාගෙන යනවා කිව්වා නේද?
එම්බසියකට ගෙනැල්ලා දෙකක් දෙන්නම ඕන... මේ දේශපාලකයන් හැදෙන්න ...
කාපු බීපු වේලාවට, පුංචි විහිළුවක් කෙරුවට...
කලින් හිටි යූ.ඇන්.පී පක්ෂේ අතහැරලා කඩාගෙන ගියේ එ්කේ නායකයා ඒකාධිපතියෙක් කියලා... දැන් අලුත් පක්ෂයක් හදාගෙන කියනවා අලුත් නායකතුමාගේ තීරණේ තමා හරි කියලා, පිස්සුද නැත්නම් හැටිද?
මොකද ලොක්කා? කඩාගෙන යන්න එපා... 2040දී වත් බලයට ආවොත් උපජනාධිපතිකමවත් දෙනවයි කියලා...