(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය - 2026 මාර්තු 10 වන දින සිට ආරම්භ වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය යටතේ නොවැම්බර් මස දක්වා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ආවරණය වන පැවැත්වෙන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය තත්වයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා වසර 10 කට වරක් වත් ජාතික මට්ටමේ  මුඛ සෞඛ්‍ය සමීක්ෂණයක් සිදු කල යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර ඇත.

ඒ අනුව, පස්වන ජාතික මුඛ සෞඛ්‍ය සමීක්ෂණය යටතේ පාසැල් සිසුන්ගේ හා වැඩිහිටි වයස් කාණ්ඩ වල දත්ත එකතු කිරීම ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තවදුරටත් පවසයි.