(රංජන් කස්තුරි)
බුද්ධි අංශ නියාමනය කිරීම සහ බලගැන්වීම සඳහා ජාතික බුද්ධි පනත නමින් නව පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ජාතික ආරක්ෂාවට බලපෑම් සිදුකරන ක්‍රියාකාරකම් පුරෝකතනය කර ඒවා වළක්වා ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටත් ඒ පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ බුද්ධි ආයතන සුවිශේෂ කාර්යභාරයක් ඉටුකරන අතර එය තවදුරටත් ශක්තිමත් කිරීමට එම පනත සකස් කරන බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක, ඇමති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
බුද්ධි අංශ මෙහෙයුම් ආශ්‍රිතව සිදුවන ක්‍රියාකාරකම් නියාමනය කිරීම, බුද්ධි අංශ තවදුරටත් බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන වැඩිකිරීම නව පනතේ අරමුණ බවද කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී අමැතිවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවිධ අයගේ වුවමනාවන්ට විනාශ කරලා දැම්මා අපේ බුද්ධි අංශය නැවත ස්ථාපනය කිරීම කාලීන අවශ්‍යතාවකි...
"ඔය එන්නේ මහ ජනතාවගේ නිදහසට කණ කොකා හඬවන්න තමා" කියල දොස්තරවරු හරි වෙන කවුරුවත් හරි උපවාස කරන්නේ, වැඩ වර්ජන සංවිධානය කරන්නේ එහෙම නැද්ද ?
ජාතික බුද්ධි සේවය පනතකින් ස්ථාපිත කරන්න ඕනෑ. එවිට ආණ්ඩු වෙනස් වුණාට බුද්ධි සේවය එක එක්කෙනාට ඕන ඕනෑ විදියට විසුරුවන්න බැහැ.
මිලේනියම් සිටි පාවාදීම කරලා ලකුණු දාගන්න ගිය හාදයට මොකද වුනේ දන්නේ නෑ. මොකුත් වෙන්න නැතුව ඇති. ඒකනේ අපේ ක්‍රමය. දැන්වත් ඒ වගේ සිදුරු වහන එක හොඳයි. මං මේ නරක අදහසකින් කියනවා නෙමෙයි. හිට්ලර්ගේ රහස් පොලිසියත් බුද්ධි අංශයක් ලෙසයි වැඩ කලේ... එහෙම වෙයි කියනවා නෙමෙයි. නමුත් එෆ්.සී.අයි.ඩී. යත් හොඳ හිතින් පිහිටෙව්වත් අන්තිමට චෝදනා එල්ල වුණානේ. ඒ නිසා මේකේ වගන්ති දකිනතුරු මොකුත් කියන්න බෑ..
බුද්ධි සේවය ගැන නම් බුද්ධිමත් නීතිමය කරුණු අඩංගුවන පනතක් වෙන්න ඇති නේද?. ඉතින් ඇමති මණ්ඩලේට මේක තේරුම් ගන්න අමාරු වුණාද දන්නේ නෑ.
හොඳ තීරණයක්... කවුරු බලයට ආවත් රටේ ආරක්ෂාවට තිබෙන ආයතන ඒ ඒ කෙනාට ඕනෑ විදියට වෙනස් කිරීමට බැරිවෙන ලෙස අණපනත් සම්මත කළ යුතුයි.