(රන්ජන් කස්තුරි)
2019 වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සොයාබැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ප්‍රේමතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවට පාසල් කටයුතු අධ්යක්ෂ කමනි පෙරේරා සහ විනය විමර්ශන ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චමනී වික්‍රමතිලක යන මහත්මීහු අයත්වෙති.
මේ වසරේ ජාතික පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී සිදුවූ බවට අමාත්‍යංශයට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් එහිදී කරුණු සොයාබැලීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා දැන් ඔය ප්‍රශ්නෙ අද ඊයේ ආපු එකක්ද? මෙයා දැන්ද දන්නේ?
කොළඹ සහිරා විදුහල පළමු වසර සදහා රු 400000-500000 ගන්නවා, ළමුන් ඇතුලත් කිරීමට අයදුම්පත්‍රයක් සදහා රු 1000 අයකරනු ලබයි. පළමු වසරට ළමුන් ඇතුලත් කරන්නේ 1000 විතර, අයදුම්පත්‍ර 5000 විතර විකුනයි.
ජාතික පාසල්වලට හා නගරබද ඇති පහසුකම් සහිත පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට දෙමව්පියන් අක්‍රමිකතා කරන්නේ අැයි? කවුරු මොනවා කිව්වත් ගම්බද පාසල්වල ළමුන්ට අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් මදි... ලඟම පාසැල හොඳම පාසැල කිව්වට තවම වෙලා නැහැ. අපිට මහා ලොකුදේවල් අවශ්‍ය නැහැ. ගුරු හිඟය තවම ගමේ පාසලේ ලොකු ප්‍රශ්නයක්. එය නැතිකරන්න. ඉන්න ගුරුවරුන්ගේ ආකල්පමය වෙනසක් ඇති කරන්න. ගමේ පාසල්වල ඉන්න බොහෝ ගුරුවරු හා ජාතික පාසල්වල හා නගර බද ඇති පහසුකම් සහිත පාසල්වල ගුරුවරුන් අතර වෙනස බලන්න. ඉගැන්වීමට කැපවීම හා උනන්දුව ඇත්තේ මොන පාසල්වල ගුරුවරුන්ටද කියා අපි අමුතුවෙන් කිවයුතු නැත. සිසුන් ඇතුළත් කිරීමේ අක්‍රමිකතා සොයාබැලීම වගේම සිසුන් ඇතුළත් කිරීමට දෙමව්පියන් පොරකන්නේ අැයි? කමිටු පත් කරකර කාලය කා දැමුවා ඇති. අවශ්‍ය බෙහෙත අවශ්‍ය තැනට දෙන්න. එවිට කොටි යුද්ධය ඉවර වුණා වගේ පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ යුද්ධයත් ඉවර වෙයි...