ශ්‍රී ලංකාවේ දැනට පවතින ජාතික ධජයේ සිංහ රුව සංශෝධනය කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව ආරක්ෂක ලේකම්(විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.
ජාතික ධජයේ සිංහයාගේ රූපයේ යම් යම් අඩුපාඩුකම් පිළිබඳව අවධානය යොමු කරමින් මෙම පියවර ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසීය.
මෙය සිදු කිරීමට නම් විශාල ක්‍රියාවලියක් සිදු කළ යුතුව එමෙන්ම මෙම යොජනාවලිය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙවර පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ 73 වැනි නිදහස් සැමරුම වැනි දා සාපේක්ෂව සාමාන්‍ය අයුරින් සිදු කිරීමට සැළසුම් කර ඇතැයි ද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහයා අයින් කරන්නද යන්නේ..? පාර්ලිමේන්තුවම නියෝජනය වන පරිදි..? 68 ලක්ෂයත් එක්කම නියෝජනය වෙන්න... සිංහයාගේ මොනවද අඩුවුණේ ඒ ගමන්...?
සහතික ඇත්ත... දැන්නම් ඕකට සිංහයා නොගැලපෙන බව නම් පෙනී යයි. ඔබට ජය කමල් මහතාණෙනි.
දැන් ඕකද තියෙන ලොකුම ප්‍රශ්නේ?
ජාතික ධජය මේ රටේ සංකේතයයි. කවුද අවසර දුන්නේ මේවා කරන්න..?
ඕකම පසුගිය ආණ්ඩුව කාලේ කළා නම් මෙලහකට...
සිංහරූපෙද දැන් ප්‍රශ්නේ..? තව ගණකට කෙළින්නද? දැන් ඔය කරන එක කරලා පස්සේ සිංහ රූපය හදන්නකෝ...
තවත් පත්තර පිටු විවේචනවලින් පුරවන්න වැඩක්. නැති ගැටලු හදනවා.
රටේ ප්‍රශ්න වහලා.. මිනිස්සුන්ගේ අවධානය වෙනත් පැත්තකට යොමුකරන්න කරන වැඩ.. යුද බිමේ උපක්‍රම..
ආරක්ෂක ලේකම්ට ජාතික කොඩියේ වෙනස්කම් කිරීම් හෝ අඩුම තරමින් ඒ සම්බන්ධයෙන් කතා කිරීමට ඇති අයිතිය කුමක්ද? එය එසේනම් සිදුවිය යුත්තේ ජාතික වියත් මණ්ඩලයකින් නොවේද?
මෙයා කොහොමත් හිට් වෙන්න කැමැති කෙනෙක්. කවුරු හරි කිව්වද දන්නේ නැහැ.... සිංහයාගේ අඩුපාඩු නිසා රට විනාශ වෙලා තියෙන්නේ කියලා... මේකත් මුට්ටි දැමිල්ල වගේ වැඩක් නේ...
මේ අය තව ප්‍රශ්නයක් හදන්නයි යන්නේ. මොකක්ද දැන් තියෙන ලොකුම ප්‍රශ්නය...?
අම්මපා මේ මිනිස්සුන්ට කරන්න ඵලක් ඇති වැඩක් ඇත්තේම නැද්ද? එක එක ආණ්ඩුවට ඕන හැටියට ජාතික කොඩිය වෙනස් කරන්න දෙන්න අපි සූදානම් නැහැ. ඔයගොල්ලන්ට ඕනෑනම් පොහොට්ටු කොඩිය සංශෝධනය කරගන්න...!!!
රටේ දැන් තියෙන දැවෙනම ප්‍රශ්නයක් මේක. ඉතා හොඳ තීරණයක්... මම හිතන්නේ සිංහයා අයින් කරලා චීන මකරා දාමු.
සිංහයෙක් නෙවෙයි බල්ලෙක් වුණත් දාගනිල්ලා.. කොහොමටත් රට දැන් බල්ලට ගිහින්නේ තියෙන්නේ....
මේ වගේ ආරක්ෂක ලේකම් කෙනෙක් දැක්කාමයි.
ඇයි, අඩු එකද ප්‍රශ්නේ?
ෂුවර් එකටම ඒක නම් අනුරාධපුරේ මෑණිගේ යෝජනාවක් වෙන්න ඕනෑ...!
දැනට රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නවලින් ඉවත් වෙනවද ඕකත්...?
රටම කාලා මදිවට ජාතික කොඩියත් කන්න යන්නේ...
69 ලක්ෂය නියෝජනය කරන සත්වයෙක් ජාතික කොඩියට නම්කර වටිනා තෑග්ගක් හිමිකර ගන්න.
තාම සංශෝධන දන්නේ නැතුව බොරුවට අදහස් දාලා වැඩක් තිබෙනවද? කව්ද දන්නේ සිංහයාගේ අත් දෙකට කඩු දෙකක්ම දෙන්න යනවද කියලා කැලේ කපන්න..
ඔටුවෙක් දාන්න කියලා කවුරු හරි කිව්වා වත්ද? ඔය තියෙන ඒවා තියෙන්න දීලා වැඩක් ඇති, රටට ප්‍රයෝජනයක් ඇති වැඩක් කළොත් නරකද? නිකන් මිනිස්සු කුලප්පු නොකර..
සිංහයා ගලවලා වෙන මොකක් හරි දැම්මා නම් හරි..