
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී කුමුදු ප්‍රියන්ත ගුණවර්ධන මහතා කාබනික පොහොර යොදා වගා කළ කුඹුරු අක්කර 21 අස්වැන්න නෙළිමේ කටයුතු මේවන ආරම්භ කොට තිබේ.
බඩ ඉරිඟු, දේශීය වී වර්ග ද වගා කර ඇතැයි ද ඔහු පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රාදේශිය සභා මන්ත්‍රි කුමුදු ප්‍රියන්න ගුණවර්ධන මහතා මෙසේ පැවසිය.
මම මේ වන විට කුඹුරු අක්කර 21 ක ප්‍රමාණයක් කාබනික පොහොර යොදා වී වගා කර දැනට ගොයම් කැපෙමින් පවතිනවා. කිසිම විදියකින් වත් අස්වැන්නේ අඩු විමක් නැහැ. බඩ ඉරිගු, වගාවක්ද කර තිබෙනවා. ඒ සදහා දැම්මේත් කාබනික පොහොර.අප කාබනික දියර පොහොර වර්ග වගේම කාබනික කෘමි නාශක වර්ගත් හදා පාවිච්චි කරනවා.
ඇත්තටම මෙය ලංකාවේ කල හැකි හොදම දේ හැටියට මම දකිනවා. මම කාබනිකව එළවළු, වී වර්ග කිහිපයක්ම,ඒ වාගේම බීජී 384 කියන වී වර්ගය, දේශීය වී වර්ග කාබනික පොහොර යොදා නිශ්පාදනය කර තිබෙනවා. බඩ ඉරිගු සේනා දලඹුවාටත් අප දේශීය බෙහෙතක් නිශ්පාදනය කර තිබෙනවා.
කාබනික පොහොර මාස තුනෙන් දිරන ක්‍රමය තමයි රටේ තියෙන්නේ. නමුත් මම දින 45 කින් පමණ කාබනික පොහොර හදනවා. ඒ තාක්ෂණය මට රටට දෙන්න පුවවන්. ජනාධිපතිතුමා , වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයත් අපෙන් ප්‍රයෝජන ගන්න ඕන.
රජය කාබනික රටක් කිරීමට ගත් තීරණය හරිම වැදගත්.නමුත් මේ කාබනික පොහොර හදන පුද්ගලයන් 25000 ක් පමණ රට තුල ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා ඉදිරියට ගෙනල්ලා ඒ අයගේ ක්‍රමවේද පිළිබදව අධ්‍යයනය කළොත් මේ වැඩේ කරන්නට හරිම පහසු වනවා.
නැත්නම් දැනට සමහර මුදලාලිලා දේශපාලන හිතවතුන් සමග ඉඩම් ටික බෙදා ගෙන නොයෙකුත් වර්ග යොදමින් කාබනික පොහොර හදන්න පටන් අරගෙන. මේ ක්‍රමවේදය වැරදුනොත් ඉදිරියට මේ කර්තව්‍ය කර ගෙන යන්න ජනාධිපතිට අමාරු කාර්යක් වනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම් සත්‍ය වටහාගත් එක.. ජවිපයේ මහත්මයෙක් හරි සිටින එක ගැන සතුටුයි.. මෙතුමාට හිස නමා මගේ ප්‍රණාමය පුදකරමි.
විශිෂ්ඨයි. ක්රිියාවෙන්ම ඔප්පුකර පෙන්වලා. දේශපාලන බෙදීමක් නැතිව හොඳ දෙයට හොඳයි කියමින් ඉදිරියට යනව නම් කොතරම් අගේද. රටම දිණුම්
ඔය ජවිපෙ ලොක්කෝ කියලා හිතාඉන්න පාර දිගේ මේ දවස්වල රස්තියාදු වෙන අයට ඕක දන්වන්න...
ජයන්තගේ දෙවැනි අදහසට මමත් එකඟයි. ඒත් මොන එහෙකටද බෝඩ් කෑලි උස්සගෙන පගාවත් දීලා අහිංසක ගොවියෝ උසිගන්වන්නේ. ජෙප්පෝ කියන්නේ කිසිම දේක හොඳක් දකින්නේ නැති ජාතියක්...
කළින් දමපු රසායනිකවල සාරවත් කම පසේ තාම තියෙනවා. තව කන්න 02ක් යනකොට බලාගන්න පුළුවන්.
බයියන්ට දැන් කාබනික පොහොරත් එපා වෙයි.
කාලයකට පස්සේ අහන්න ලැබුණු හොඳම පුවත... ජයවේවා..!!!
පක්ෂ නායකයන් කියාගන්නා ව්‍යාපාරිකයන් සමාගම්වල කොමිස්වලට රටට බොරු පතුරමින් කාබනික සංකල්පයට විරුද්ධව මිනිසුන් උසිගන්වන වෙලාවක ඔබතුමා අවංකවම හොඳ දෙයට හොඳයි කීම ගැන ස්තුතිවන්ත වෙමි..
පොහොර දියව් දියව් කියලා පෝස්ටර් ගහලා, ගොවියන් විදියට අන්දලා කුලියට ගත්ත මිනිස්සු පාරට බස්සලා උද්ඝෝෂණ කරන්නේත් ජේවීපීමයි. ඔවුන්ගේ පෝස්ටර් තනිකරම....
ඔලුවක් තියෙන ජෙප්පෙක් දැක්කමයි.