
(යොහාන් භාසුර)
ගම් මට්ටමේ සිට රටේ විශාල ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයකුට රුපියල් ලක්ෂ 1000 ක් හෙවත් රුපියල් මිලියන 100 ක් ලබාගෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.
මෙවර අයවැයේ සුබසාධනය සහ සංවර්ධන වැඩපිළිවෙළ අනුව ග්‍රාම නිලධාරීන් වසමකට රුපියල් ලක්ෂ 20 සහ පළාත් පාලන කොට්ඨාසයකට රුපියල් ලක්ෂ 30 ක් වෙන්කරන බව කී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක උප සභාපතිවරයකුට රුපියල් ලක්ෂ 200 ක් සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයකුට රුපියල් ලක්ෂ 1000 ක් හේවත් මිලියන 100 ක් ලබාදෙන බවත් සඳහන් කළේය.
බෙත්තරමුල්ල, නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද (11) පැවැති මාධ්‍ය හමුවේදී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් එකෙන් ම හිතන්න පුළුවන් කියන්න යන රහස... මීට පස්සේ රහසේ නෙවෙයි, එළිපිටවත් මුකුත්ම කියන්න එපා..
මෙදා පාර අය වැයෙන් වැඩි කරන්න ඉතිරි වෙලා තියෙන්නේ සිගරට් අරක්කු විතරයි .
හොද ගානකට අරින්න යන්නෙ, ජනතාව ගෙවන්න ලෑස්තිවෙමු.
එහෙට මෙහෙට තමුන්ගේ වාසියට, පැවැත්මට පැනපු අය... ජෝකර් කෙනෙක් වෙන්න හදනවා...
තවත් පච වට්ටෝරුවක් 12 වෙනිදාට එළිදකියි...
ජී.එල්. මහත්තයා, මේ සංවර්ධනයට වෙන් කෙරෙන මුදලින් වැඩි ප්‍රමාණයක් ඒ ඒ අයගේ සංවර්ධනයට යොදවා ගන්නා ආකාරය බලා සිටින්න. ජනතාව කබලෙන් ලිපට වැටී සිටින මේ මොහොතේ විය යුත්තේ ජනතාවට අත්‍යාවශ්‍ය වන ද්‍රව්‍ය මිල ගණන් පහත දමා රටේ සමස්ත ජනතාවට සහන සැලසීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමයි. මෙහෙම බඩුමිල වැඩිවීමක් ලංකා ඉතිහාසයේම සිදුව නැහැ.
සාමාන්‍ය පෙළ සමත් නැති බහුතරයක් ඉන්න කැබිනෙට්ටුවක් තියාගෙනද රට ගොඩනගන අය ගෙනෙන්නේ...? තමන්ගේ ගෞරවය තියාගෙන, සිරිමාවෝ මැතිණියගේ නමත් තියාගෙන දූෂිතයින්ගෙන් ඈත්වෙනවා නම් අප ඔබ සමග ඉන්නවා.
සමහර ග්‍රාම නිලධාරින් වසමට තියෙන නිවාස ගණන තව වසමක මුලු ජනගහනයට සමාන වසම් තියෙනවා.. එහෙම තියෙද්දී මෙහෙම බෙදීම හරිද ලොක්කෝ..? සම්බන්ධීකරණ සභාපතිට මුදල් දෙන්නේ කුමටද? මෙහෙම නාස්ති කළොත් ලංකාව වලපල්ලට ගිය රටක් වීමට ඇත්තේ සුලුම කාලයකි.