(අංජුල මහික වීරරත්න)
එළඹෙන මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඡන්ද ලක්ෂ හැත්තෑවක් ලබාගත යුතු අතර සියලු පාර්ශව ඒකරාශී කරගනිමින් එම ඉලක්කය කරා යෑමට කැපවී ක්‍රියාකළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරණයේදී පක්ෂයෙන් ඈත්වූ සිංහල බෞද්ධ, කතෝලික, මධ්‍යම පාන්තික ඡන්ද දායකයින් මෙන්ම එක්සත් ජාතික පක්ෂය හැරගිය අයගේ ඡන්ද නැවත පක්ෂය වෙත ලබාගත යුතු බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.
"එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ අප මේ වනවිට ආරම්භකර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට කටයුතු කළා. එම වැඩකටයුතු පසුගිය ජනවාරි මාසය වනවිට අප අවසන් කළා.
ඊළඟ පියවර වුනේ දිස්ත්‍රික් මට්ටමින් ගොස් අපේ නිලධාරී මණ්ඩලය සහ පාක්ෂිකයින් අතර සබඳතා වර්ධනය කරමින් අපේ ගමන් මග පිළිබඳව ඔවුන්ට කරුණු පැහැදිලි කිරීමයි. ඒ වැඩපිළිවෙලත් මේ වනවිට බොහෝ දුරට අවසන් කර තිබෙනවා යනුවෙන් ද රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේසිම විදිය ඔබතුමා ඉල්ලා අස්වෙන එක. ඡන්ද ටිකක් එතකොට නං හම්බවෙයි.
අනේ සූත්තර පුංචෝ... අපිටත් කියනවද මොන NGO ටකරන් මඩුද වැඩේට දායකත්වය සපයන්නේ කියලා...?
නොකෙරෙන වැඩ...!!!
ඔබතුමා නායකකමේ ඉන්නකම් ඡන්ද ලක්ෂ 70 කොහොම වුණත් ලක්ෂ 7ක් ගන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්...
ඔක්කොම මාරුවෙලත් මෙතුමා තාම ඉන්නවනේ...
අදහස හොඳයි. ඒත් තමුන් අයින් වෙන්න. ලැබුණු අවස්ථාවත් නැතිකරලා දැන් එනවා ආයෙත් බලය ගන්න හැටි කියන්න.
මෙහෙම ගියොතින් නම් බැරි වෙන එකක් නෑ. මොකද දැන් බඩු මිල වැඩි වෙන තරමට සහ භාණ්ඩ හිඟය නිසා මිනිස්සු කියනවා රනිල් හිටියා නම් මෙහෙම වෙන්නේ නෑ කියලා...
එන පළාත් සභා ඡන්දෙන් ලක්ෂ 02ක් අරගෙන පෙන්වන්න.
ලැජ්ජාවක් නැති කම. 4/5 ඡන්ද ගත්ත පක්ෂයක් බිමටම බුදිකරලා දැන් ආපහු ඡන්දෙ දිනවන්නද කල්පනාව...? මිනිස්සු මැරිලා ඉපදිලා නැහැ. පක්ෂයට කරන්න පුළුවන් හොඳම සේවය අයින් වෙලා.. යන එක නේද? නැත්තං අනෙක් පක්ෂයෙන් චූන් කළාට ඡන්ද නම් හම්බ වෙන්නේ නෑ තුමෝ...!
එජාපයට විරුද්ධ රාජ්‍ය නායකයින් පසුගිය අවුරුදු 32ක් රට පාලනය කරද්දී තමන්ගේ කෙනෙක් මුල් පුටුවට පත්කර ගන්න අසමත් වූ පුද්ගලයෙක් කියන කතා තවදුරටත් පිළිගන්න කෙනෙක් ඇතැයි කියා හිතන්නත් අමාරුයි. අපේ රටේ තිබුන ප්‍රබලතම ජාතික පක්ෂය මේ අන්දමට දෙකට තුනට කඩන්නට අද හිරේ විලංගුවේ සිටිය යුතු කට්ටිය ක්‍රියාත්මක කළ මර උගුලේ එක වතාවක් නොව කිහිප වතාවක්ම අසුවුණු මොහු දූෂණ චෝදනාවන් එල්ල වුණු මිනිසුන් හිරගෙදර යවන්නට දුන් පොරොන්දු කඩකරමින් තමන්ගේම වල කපාගන්නට තරම් අඥාන වුනේ කෙලෙසද කියන එක තේරුම් ගන්න එකනම් ඒ තරම් ලෙහෙසි වෙන එකක් නැහැ.
වැසිකිළිය වටේම තමයි කැරකෙන්නේ නේද?
සිහිනෙන් ගී මුදු සුවඳක් වගේ... මිහිරි අතීතය මගේ...!!!
සජිත්තුමෝ... රනිල්ව නම් ඔබලා හදන සංධානයේ කිසිම තනතුරකට නම් ගාවාගන්න නම් එපා. මෙයාව දැන් ඡන්ද සිතියමෙන් අතුගාලා තියෙන්නේ දැන් රටේ ජනතාව. ලැජ්ජාවක් නැති කම...
ඔබතුමාට ගොඩයන්න තියෙන හොඳම දේ පොහොට්ටුවට එකතු වීම... කොහොමත් වලව්වේ හාමුලා එකට ඉන්නේ නැහැ.
යහපාලන රජය කාලේ අල්ලාගත් මැදමුලන හොරු රැල කූඩුවට යවන්න නොදී අධිකරණයට බලපෑම් කළ ඔබට එක ඡන්දයක්වත් නොලැබේවා...!!!
රනිල් ලක්ෂ ගණන් නෙමෙයි.., ගෙදර තියෙන ඡන්ද 2 හෝ 3 ගන්න බලන්න.
මොලේ වයර් මාරු වෙලා...
සිංහල ඡන්ද පදනම බෙදුවා නම් දිනන එක මහදෙයක් නෙවෙයි.
ලක්ෂ 70ක ඡන්ද හොයනවා කොයි හැටි වෙතත්, අර පිනට ලැබුණු පාර්ලිමේන්තුවේ එකම ආසනේට යවන්න එක්කෙනෙක්වත් තවම හොයාගන්න බැරුව නේද ඉන්නේ..?
රනිල් ඉන්නකම් එජාපයට හරියන්නේ නැහැ.
සිම්පල්නේ... ජිනීවා යෝජනාවට එකඟයි! උතුර-නැගෙනහිර එක් කරලා ස්වයං පාලනය දෙනවා! වරාය දෙනවා! ඉඩම් දෙනවා! එතකොට එයාලා ඡන්දෙ දිනවලා දෙනවා. එච්චරයි!
අපේ රට දෙකඩ කරන්න නිතරම උත්සාහ කරන , බැංකු මංකොල්ලකාපු, චමිල් සෙල්වම්ලා ඉදිරියේ දණින් වැටුණු, නොහැකියාවෙන් පෙළෙන දේශපාලන ඉහඳ පණුවන් දැන්වත් ගෙදර යන්න.
ඔයාගේ කෙරුම් දැන් ඉවරයි. පිටරටකට ගිහින්වත් ඉතිරිකාලය ගෙවා දමන්න.
ඔබතුමාට විශ්‍රාම යන්න එහෙම අදහසක් නැද්ද?
වතාවක් පිටරටකදී මම දැක්කා කෝට් එකකුයි, ටයි පටියකුයි ගහගත්තු වැලේ වැල් නැති පාරෙ බුදියන හිඟන්නෙක් පාර අයිනේ කෝටිපතියකු වෙන විදිහ කියාදෙන දේශනයක් පැවැත්වෙනවා. ඇරපු අතක් නැහැ.