(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ සහ මැතිවරණ නීති වෙනස් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන්ගෙන්ද ලබන සතියේදී අදහස් විමසීමට තීරණය කර ඇතැයි මැතිවරණ නීති සංශෝධනය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ලේකම්,පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය කියන්නීය.
මෙයට අමතරව මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන පැෆරල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම සිවිල් සංවිධානද ඒ සම්බන්ධයෙන් අදහස් විමසීම සඳහා ඉදිරි දිනවල කැඳවන බව ඇය සඳහන් කළාය .
දේශපාලන පක්ෂ කිහිපයක් එම කමිටුව හමුවේ දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇත .
මේ අතර මැතිවරණ සහ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශවවලින් යෝජනා හා අදහස් 120කට ආසන්න සංඛ්‍යාවක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මේ දක්වා ලැබී ඇතැයිද රෝහණදීර මහත්මිය කීවාය .
මේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු මාස හයක් ඇතුළත අවසන් කිරීමට එම කමිටු සාමාජිකයෝ බලාපොරොත්තු වෙති .ඉන්පසු එම කමිටුවේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔතන තමයි ලංකාවට කෙළවුණු තැන. ඡන්ද ක්‍රමය ගැන අහන්න ඕනේ... ඡන්ද දායකයන්ගෙන්... ලොක්කෝ කරන්නේ තමන්ගේ වාසියට හැමදෙයක්ම වෙනස් කරනවා. දැන් පේනවනේ අවුරුදු 70ක් ඉඳලා කරපු දේවල්වල ප්‍රතිවිපාක..
ඔක්කොටෝම ඉස්සෙල්ලා ද්විත්ව පුරවැසිභාවය අයින් කරන්න. අනික තියන අයට මෙහෙ පුරවැසිභාවය ගත්ත පමණින් ඡන්දෙට ඉදිරිපත් වෙන්න දෙන්න එපා... මේ අය වලපයයි, ගොඩපයයි තියන් මේ රට කනවා නෙමෙයි කකා විකුණනවා.
අනිවාර්යයෙන්ම තිබිය යුතු නීතියක් නම් පාර්ලිමේන්තුවට හෝ වෙනත් පලාත් පාලන ආයතනයකට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකු/වරියක තමන්ව පත්වූ පක්ෂය මාරු කළහොත් මන්ත්‍රී ආසනය අහිමි වන බවයි.