IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


චාමර සම්පත්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

(රෝෂන් තුෂාර)

ඌව පළාත් සභාව නමින් රාජ්‍ය බැංකුවල පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක  පාඩුවක් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනුකළ පැමිණිලි දෙකක් ජනවාරි 23 දින යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද දින නියම කළේය. 

ඇප මත සිටින චාමර සම්පත් දස නායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව  අල්ලස් කොමිසම කරුණු දක්වමින් කියා සිටියේ ලේඛන සම්බන්ධයෙන් වන රස පරීක්ෂක වාර්තා තවමත්  ලැබී නොමැති බවය.‍ෙ

ඒ අනුව ලේඛන වාර්තා කැදවීමට සිහිකැඳවීමක් යොමු කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහේත්‍රාත්වරයා  පැමිණිරු විභාගය ජනවාරි 23 තෙක් කල් තැබීය.

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් සභාවේ ප්‍රධාන  අමාත්‍යයවරයා ව සිටියදී  පළාතේ ළදරු පාසල් දරුවන් සඳහා බෑගයක් ලබාදීමට බැංකුව මගින් අනුග්‍රාහකත්වයක් ඉල්ලා ඇති අතර එම අනුග්‍රහකත්වය ලබා නොදීමේ හේතුව පාදක කර දේවේශ සහගතව මෙම ගිණුම් හය ඉවත් කරගෙන අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය යටතේ ගැනෙන දූෂණය නම් වරද සිදුකිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ. 

 



අදහස් (1)

චාමර සම්පත්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි

Perera Friday, 29 August 2025 12:32 PM

නඩුව දවසට විජලනය හදාගන්න බලන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 436 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16864 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 661 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site