
(පාලිත ආරියවංශ)
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු වී වසර 1 1/2ක සිරදඬුවමක් නියම වී සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කර ඇති ඇප ඇයැදුම ලබන 24 වැනිදා සළකා බැලීමට බදුල්ල මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා තීරණය කළේය.
මුල් නඩු ගොනුව කොළඹ නීතිපති කාර්යාලයට යවා ඇති හෙයින් විරෝධතා ගොනු කිරීමට දිනයක් දෙන ලෙස වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ දිනිති අමරසිරි මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස තීරණය කළේය.
පාර්ලිමෙන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වරදකරු කර වසර 1 1/2ක සිරදඬුවමක් නියම කරමින් දුන් නියෝගය ඉවත දමා ඔහු නිදොස් කර නිදහස් කරන්නැයිද එම අභියාචනය විමසා අවසන් වනතුරු තම සැමියාට ඇප නියම කරන්නැයි ඉල්ලා චමින්ද විජේසිරි මහතාගේ බිරිඳ වන ජයවීර මුදියන්සේලාගේ ශානිකා මහත්මිය ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කර ඇත.
2019 පෙබරවාරි 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අයුතු අවහිර කිරීම, පහරදී තුවාල කිරීම, මරණීය තර්ජනය කිරීම යන චෝදනා යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබීණී.
ත්‍ම් සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, පැමිණීලිකාර පොලිස් නිලධාරීන් ගමන් කළ පොලිස් ජීප් රථය ඉස්සර කරගෙන යෑම සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑම මෙම සිද්ධියට මුල්වී ඇති බව අනාවරණය විය.
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ගමන්ගත් රථය පසු කරගෙන යෑමෙන් උරණ වු විත්තිකරුවන් පැමිණීලිකරුවන් ගමන් කළ පොලිස් ජීප් රථය පසුකරගෙන ගොස් පොලිස් ජීප් රථයේ ගමන් මඟ හරස් කර නවතා විත්තිකාර මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, පොලිස් ජීප් රථයේ සිටි නිලධාරීන්ට මරණීය තර්ජනය කර පහරදී තුවාල සිදු කර ඇති බවද නඩු විභාගයේදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd