
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ජාතික ගුවන් සේවය වන " වියට්නාම් එයාර් ලයින්ස් " , මංගල ගුවන් යානය ( Inogaral Flight ) කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
මෙම ගුවන් ගමන සදහා එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර , එම ගුවන් යානය ජල ආචාර (Water Salute ) පවත්වා කටුනායක ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබීය .
එම ගුවන් යානය තුළ ගුවන් මගීන් 164 දෙනෙකු පැමිණ සිටි අතර යළිත් එම ගුවන් යානයෙන් ගුවන් මගීන් 172 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළෙන් වියට්නාමය බලා පිටත්ව ගියහ .
ඒ අනුව මෙම ගුවන් යානා සෑම සතියකම දින 03 ක් , එනම් ඉරිදා , බදාදා සහ සිකුරාදා යන දින වල වියට්නාමය සහ කටුනායක ගුවන් තොටුපොළ අතර පියාසර කර වීමට නියමිත අතර එක් ගුවන් ගමන් වාරයක් සදහා පැය 04 විනාඩි 30 ක කාළයක් ගතවේ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd