අයහපත් කාලගුණ තත්වය හමුවේ ඇඟවූ අනතුරු ද නොතකා කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි  10 දෙනා බේරා ගත්  බව නාවික හමුදාව පවසයි.

අනතුරට ලක්වන අවස්ථාවේ බොට්ටුවේ ඔපරේටර්වරු දෙදෙනකු අතුළුව පුද්ගල‍වෝ 10 දෙනෙක් ගමන් කළහ. 

බේරාගත් පිරිස ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට අතුළත් කළ බව ද නාවික හමුදාව කියයි.