
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාට විධිමත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් රුවන් දිකා වීරසිංහ මහත්මිය වින්දිතයන් ආරක්ෂා කිරීම සඳහා වු විශේෂ කොට්ඨාසයට අද නියෝග කළාය
පිළියන්දල වෑවල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ඉකුත් පහළොස් වැනි දින අලුයම් කාලයේදී නාදුනන මැර පිරිසක් ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කර තිබිණි
වින්දිත මාධ්‍යවේදී චමුදිත මහතාට විධිමත් ආරක්ෂාවක් ලබා දීමට නියෝග කරන ලෙස ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වීම සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කර ඇත
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාද අධිකරණය වෙත පැමිණ සිටියේය.
ඡායාරූප ශානත් ප්‍රදීප් කුමාර කුලරත්න


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd