(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක් එල්ල කර පලාගිය සැකකරුවන් ගමන් ගත් සුඛෝපභෝගි මෝටර් රථයේ සහ යතුරු පැදියේ අංක සොයා පොලිසිය සී සී ටී වී කැමරා 100 ට ආසන්න ප්‍රමාණයක් පරික්ෂා කළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මාර්ගයේ ගමන් ගන්නා වෙනත් වාහන වලින් නිකුත් වු විදුලි ආලෝක ධාරාවන් හේතුවෙන් එම වාහන වල අංක හරියාකාරව හදුනා ගැනීම අපහසු වී ඇති බවත්, එම අංක තවදුරටත් විශ්ලේෂණය කර හදුනා ගැනීම සදහා කැමරා දත්ත කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගනක ඒකකය වෙත යොමු කිරීමට ක්‍රියා කරන බවද පරීක්ෂණ මෙහෙය වන පොලිසියේ උසස් නිලධාරියකු පැවසීය.
පිළියන්දල ද හා ඒ අවට මාර්ගයේ නිවාස හා වෙළෙඳ සැල් රැසක සවිකර ඇති සී සී ටී වී කැමරා මෙලෙස පරීක්ෂාවට ලක්කළ බව පරීක්ෂණ මෙහෙයවන එම උසස් නිලධාරියා කීය.
මෙම මෝටර් රථය සහ යතුරු පැදිය කොහුවල දක්වා ධාවයන කරන අයුරු ද නිරීක්ෂණ වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජිනීවා මානව හිමිකම් කොමිසමේ සමුළුව ළංවෙන කොට මාධ්‍යවේදීන්ට හා මාධ්‍යවේදීන් කියාගන්නා අයට කවුරුහරි ගහනවා. ඒවාට ඉහළ මාධ්‍ය ආවරණයක් දෙනවා. එවාට රජය වගකිව යුතුයි කියලා කියන්න බලාගෙන ඉන්න පිරිසට තව තලුමරමර දේශන තියන්න අවස්ථාව ලැබෙනවා. රජය මෙවැනි ප්‍රහාර එල්ල කරන්නේම ජිනීවා මානව හිමිකම් කොමිසම ලංවෙනකොට විතරද කියලා කාටවත්ම හිතෙන්නේ නැතිද...?
පොහොට්ටු නායකයෙකුට ගූ ගැහුවානම් මෙලහකටත් 10 ක් 15 ක් කූඩුවේ
මූන දැක්කම ගුටි අනින්න හිතෙන පෙනුමක්. කථාව ඊට අන්තයි. ලෝකේ සියල්ල දත් පඬි. අර වියත්මගේ ඉන්න එවුන් වගේ.
ඕවා කොහේ හම්බ වෙන්නද? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...