චීන රජයේ ප්‍රදානයක් ලෙස, එරට නිෂ්පාදිත 'සිනොෆාම්' නමැති කොවිඩ් 19 වයිරසය ආසාදනය වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් ලබන මාර්තු 31 වැනිදා මෙරටට ලැබීමට නියමිතය.
එසේ ලැබෙන එන්නත්වලින් සියයට 1 ක්, ශ්‍රී ලංකාවේ වාසය කරන චීන ජාතිකයන්ට ලබා දෙන මෙන්, චීන රජය ඉල්ලීමක් කර ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
'සිනෝෆාම්' යනු චීන රජයට අයත් 'බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන ආයතනය නිපදවා ඇති එන්නතය. මෙම එන්නත මේ වනවිටත් රටවල් කීපයක භාවිතයට ගැනෙයි.
'සිනෝෆාම්' එන්නත භාවිතයට ගෙන ඇති පළමු යුරෝපා රට ලෙස සැලකෙන්නේ සර්බියාවය.
'සිනෝෆාම්' එන්නත සියයට 79 ක් සාර්ථක යැයි පැවැසෙයි.
රටවල් කීපයක්, ඒ ඒ රටවල අභිමතය පරිදි, සෞඛ්‍ය අංශ ලබා දුන් නිර්දේශ අනුව, මෙම 'සිනෝෆාර්ම්' එන්නත භාවිතයට ගැණුන ද මෙතෙක් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී නැත.
(ඩේලිමිරර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තවම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නෑ. ඒත් අපිට ගැන්නේ නැතිව ඉන්න බෑනේ. චීනේ ලොකු සර් කිව්වා නම් බොන්නම වෙනවා. එහෙම තැනකට තමයි රාජපක්ෂලා අපේ රට තල්ලු කරලා තියෙන්නේ.
රට පෙරට කෙසේවෙතත් ආපස්සට නම් හරවලයි තියෙන්නේ. මේ මිනිස්සු ඉන්නකම් රට හදනවා බොරු...
රට පෙරට කෙසේවෙතත්... ආපස්සට හරවන ජෙප්පෝ තමයි මේ
"එන්නත" යෙන් කිසි වාසියක් සිදුවෙන්නෙත් නැත්නම්, මෙතෙක් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවීත් නැතිනම් ඇයි මේ නොමිලේ දෙන සහන මල්ල ගන්න වගේ පොර කකා ගන්න දඟලන්නේ.. හරියට වසංගතය ගැන නොදන්න කම ඒ...
එන්නත් අනුමැතිය තනිකරම දේශපාලන න්‍යායය පත්‍රයකට ක්‍රියාත්මක වෙන්නේ.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ස්පුට්නික් එන්නතටත් ලැබිලා නෑ .. ඔක්ස්ෆර්ඩ් එන්නත භාවිතය යුරෝපා රටවල් හිටි හැටියේ නවත්වන්නෙත් මේ දේශපාලන න්‍යායය පත්‍රය නිසාම තමයි.. දැනට අර්ජන්ටිනාව, බහරේන්, ඊජිප්තුව, ජෝර්දාන්, පකිස්ථානය, සර්බියාව ඇතුළු රටවල් 23ක් අනුමත කරලා තියෙනවා.. ඒ වගේම එන්නත් මාත්‍රා මිලියන 100ට වඩා දීලත් තියෙනවා.. සිනෝපාරම් එන්නත අනුමත එකම යුරෝපා කලාපයේ රට සර්බියාව කියන එක වැරදියි..