(සුජිත් හේවාජුලිගේ )
සයිනොපාම් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් ප්‍රදානය කිරීමට චීන රජය එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
මේ එන්නත් තොගය මේ මාසයේදී ලැබීමට නියමිතව ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට කොවිඩ් එනම් තොගයක් ප්‍රදානය කිරීමට චීන රාජ්‍ය නායකයින් එකඟ වූ බව චීන තානාපති කාර්යාලය පවසයි.
මේ අතර ස්පුට්නික් එන්නත් මාත්‍රා 1,80000ක් මේ මස 25 වැනි දා මෙරටට ලැබෙන බව ජයසුමන මහතා කීය.
අස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ජුනි මාසයේදී මෙරට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරක පාර්ලිමේන්තුවේ සම්මත වෙනකම්ම දෙයි එයාලා...
සාදු.. සාදු... සාදු... දැන් අර වරාය නඟර පනත උඩින්ම සම්මත කරගෙන මේ උතුම් පින්කමට සම්මාදන් වෙමු. චීන ආණ්ඩුවේ මහත්තුරු අපේ රටට කොච්චරක් නම් ආදරේද? වෙන කවුද අපේ රට මේවගේ අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්න අවස්තාවක අපේ පිහිටට එන්නේ? නැද්ද මන් අහන්නේ? ඉතින් ඇයි මේ ඕනැ නැති කෙනෙහිලිකම්? නෑ නෑ.. කොළඹ හතේ සුපිරි බංගලාවල වැඩ ඉන්න ගමන් ආණ්ඩුවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ මහා සංඝ රත්නය ඇතුළු සේරම දෙනා දැන්වත් තේරුම් ගත්තොත් වටිනවා මේ වෙලාවේ විතරක් නෙවේ ඉදිරි හැම වෙලාවකම අපට පිහිට වෙන්න ඉන්නේ චීන ආණ්ඩුවේ කරුණාවන්ත මහත්තුරු විතරයි කියලා...
පැනිය වැඩකරන්නෙ නැතෙයි...
එතකොට ඔය කළින් ගහපු පැණියට මොකද වෙන්නේ?
රටේ ජනගහනය ලක්ෂ 220ක් ඉන්නවා. ලක්ෂ 05කින් කුමක් කරන්නද? කරුණාකර ඇස්ට්‍රාෙසනෙකා, ෆයිසර්, මොඩර්න් සහ ජොන්සන් වැනි සමාගමකට මුදල් ගෙවලාඑන්නත ඇනවුම් කරන්න. එක එක රටවල් පස්සේ හිඟමන් යදින්නේ නැතිව..
සර්ගේ ආර්ථික න්‍යාය..
අපේ රට හිගාකන, අසාර්ථකම රටක් කරලා ඉවරයි.
අපේ දේශීය වෙදකම නැති වෙලා දැන් පිටරට බෙහෙත් විකුනනවා.