චීනයට අයත් චැන්ජි-4 යානයෙන් සඳ වෙත ගෙනගිය බීජ සාර්ථකව පැළවී දළු ලා ඇතැයි එරට ජාතික අභ්‍යවකාශ පාලක මණ්ඩලය පවසයි.
එය මෙතෙක් සඳමත සිදු වූ ප්‍රථම ජෛවවිද්‍යාත්මක සංසිද්ධිය බව විද්‍යාඥයෝ පවසති.
එමෙන්ම මෙය දීර්ඝකාලීන අභ්‍යවකාශ ගවේශන සඳහා වැදගත් පියවරක් වනු ඇති බව ද පැවසේ.
මෙසේ පැළ කරනු ලැබූයේ පුළුන් සහ අර්තාපල් බීජ බවත් පුළුන් ඇට පැළවී ඇති බවත් සඳහන් වේ. පොළවෙන් ගෙනගිය පස් කොටසක බීජ පැළ කරනු ලැබීය.
පෘථිවියට නොපෙනෙන සඳේ අඳුරු පැත්තට යැවූ ප්‍රථම යානය චැන්ජි-4 වන අතර පසුගිය ජනවාරි 03වනදා එය සඳ මතට පතිත කරවනු ලැබිණ.
මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සාර්ථකව බීජ පැළ කරනු ලැබූ නමුත් සඳ මත එවැන්නක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳ...ඔබ අයිති මටද? චීනටද?...කාටද කියා කියනු මැන.
ලංකාවේ තවම බහුතරය සොයනවා
අපි ඔය ගැන දන්නා දෙයක් නැත. ඒ අය කියනවා අපි අහනවා හැරෙන්නට.
පොළවේ තියෙන ගස් කපමින් හඳේ ගස් හිටවන්න හදනවා.
හැබැයි අපි තමයි මුලින්ම හඳෙන් හාල් ගෙනාවේ.
මොකක් හරි ක්‍රමයකින් හඳේ වායුගෝලයක් නිර්මාණය කරගත්තොත් අනාගතයේදී සජීවී සහ මනුස්ස වාසයට ගැලපෙන හඳක් ලැබේවි.
ඊළඟට වෙනදේ දැන්ම හිතාගන්න පුළුවන්. හඳේ සීමා මායිම් ලකුණු කිරීම ළඟදීම
වරායකුයි, ගුවන් තොටුපලකුයි හදයි හඳේ...
ගුරුත්වාකර්ෂණය නැතිව සඳ මත පැල රඳවා තැබිය හැකිද ? අඳුරේ පැල සැදේද ? අනේ මන්ද , අපිව අන්දවනවද කියල සිතනවා , නොදන්නා නිසයි අහන්නේ !!
හඳේ අයිතිය ගැන ලස්සන කතාවක් මේ. 1700 ගණන් වල ජර්මනියේ හිටපු රජතුමා ඔහුගේ සේවකයෙකුගේ සේවය ඇගයීමේ සංකේතයක් විදියට හඳ තෑගී දීලා. එදා පටන් අද වෙනතුරු ඒ පවුලේ හැම පරම්පරාවකම බාල පිරිමි දරුවාට හඳේ අයිතිය උරුම වෙනවාලු.
ඒකට අපි! ජාතින්, ආගම්, කුල ගැන කියව කියවා ඉන්නවා. ඒ මදිවට ඉතිහාස ගැන පුරජේරු කියකිය ඉන්න රටක්. ඉතිහාසෙන් පාඩම් ඉගෙන ගෙන නව තාක්ෂණයත් යොදාගෙන අලුත් විදියට හිතන අලුත් දේවල් කරන්න හදන රටක් වෙන්නේ නම් නෑ.
හඳෙන් හාල් ගෙනාපු අපිට ඕක මහා කජ්ජක්ද? මේක නොදන්නා අයට දැනගැනීමටයි... මේවගේ ඡන්ද පොරොන්දුවක් දුන්නේ අපේ දේශපාලනයේයි.
හඳේ පැල හිටවලා වැඩක් නෑ... හාවෝ කාලා දාවි...
හඳේ ඉඩම් විකුණන එක ආරම්භ වෙලා තියෙන්නේ 1980 ගණන් වල. චන්ද්‍රිකා තානාපතිකාර්යාලය කියල කොම්පැනියක් හඳේ ඉඩම් විකුණනවා. අක්කරයක් ඩොලර් 20-30 වගේ යන්නේ. සොයලා බලන්න පුළුවන්.