(විමුක්ති එස් රුද්‍රිගු)
චීන යුවාන් මිලියන 10 ක් වටිනා ජීවිතාරක්ෂක එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ තොගයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම ප්‍රදානය යටතේ එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ 512,640 ශ්‍රී ලංකාවට ලබාදෙන බවත් එය මාස 6 කට ප්‍රමාණවත් බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
එන්නත් තොගය අදියර දෙකකින් ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත බව පැවැසෙයි.
එන්නත් සහිත සිරින්ජ තොගයේ වටිනාකම ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 54 ක් පමණ වේ.
පළමු තොගය ලෙස එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ 256,320 හෙට(03) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට සී.එක්ස් 3119 ගුවන් යානයෙන් රැගෙන එන බවත් අනිත් තොගය මෙම මස මැද භාගයේ ලැබීමට සලස්වන බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
එනොක්සැපරින් සෝඩියම් එන්නත් සහිත සිරින්ජ තොගය චීනය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර යුවාන් මිලියන 500 ක ආධාර තොගයේ පළමු කොටස බවද චීන තානාපති කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd