(ටී.කේ.ජී.කපිල)

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිවලට දායකත්වය දැක්වීමට ඇති ආයෝජන අවස්ථා සොයා බැලීම සදහා චීන රජයේ සහ එරට ප්‍රමුඛතම ව්‍යාපාරික සමාගම්වල නියෝජිතයෝ දස දෙනෙක් අද මෙරටට පැමිණියහ.

ඔවුන් චීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික සබදතා ශක්තිමත් කෙරෙන " සේද මාවත" වැඩසටහන යටතේ පැමිණ තිබුණි .

මෙම චීන ආයෝජකයන් පිරිස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය , කෘෂි , වානිජ , වාරි යන අංශවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සදහා ආයෝජනය කිරීමට අපේක්ෂා කෙරේ .