
චීනය විසින් යවන ලද චැංජි -5 යානය සාර්ථකව සඳ මත ගොඩබස්වා තිබේ.සඳෙන් පාෂාණ සහ දූවිලි සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24 වනදා යානය චීනයේ වෙන්චැං අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන් ගත කරන ලදී.
සඳේ ඕෂනස් ප්‍රොසෙලරම් නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ගිනි කඳු සංකීර්ණයක් වෙත ගමන් කිරීම යානයේ ඉලක්කය විය.ඉදිරි දින කිහිපයේදී යානය සඳේ වටපිටාව පරීක්ෂා කර මතුපිට ද්‍රව්‍ය එක්රැස්කරනු ඇතැයි චීන බලධාරීහු පවසති.
ඒ සඳහා පහසුකම් සැපයීමට යානයේ කැමරාවක්, වර්ණාවලීක්ෂයක්, රේඩාර් උපකරණ, සවලක් සහ විදුම් යන්ත්‍රයක් වැනි උපකරණ ගනනාවක් තිබේ.එහිදී යානය මගින් චන්ද්‍ර පාෂාණ කිලෝග්‍රෑම් 02ක පමණ ප්‍රමාණයක් පෘථිවියට රැගෙන ඒමට බලාපොරොත්තු වන බව පැවසේ.
මෙයට වසර 44කට පෙර අවසන් වරට සඳෙන් පස් රැගෙන පැමිණි මෙහෙයුමේදී ගෙන එන ලද්දේ පස් ග්‍රෑම් 200කටත් අඩු ප්‍රමාණයක් බවත් පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පස් සාම්පල මෙමගින් ලැබෙනු ඇති බවත් විද්‍යාඥයෝ බලාපොරොත්තු තබා තිබේ.
මෙහෙයුම සාර්ථක වීම සම්බන්ධව ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය සහ නාසා හි ඉහළ නිලධාරීන් චීනයට සුභ පැතුම් එක්කර ඇත.
යානය සඳ මන ගොඩබැස්වීම චීන රූපවාහිනී මගින් සජීවීව ප්‍රචාරය නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එහිදී යානයේ කොටසක සෙවනැල්ල සඳමතට වැටෙන ආකාරයේ ඡායාරූපයක් පමණක් පෙන්වූ බව සඳහන් වේ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් ඉදිරියේදී මේ ව්‍යාපෘතිය අපේ රටේ ව්‍යාපෘතියක් කියන්න ලැබෙනවා නේද.?
චීන වැඩ ගැනනම් එච්චර විස්වාසයක් තියන්න බැහැ.
චීන්නු ගැන ඇත්ත කිව්වේ ට්‍රම්ප් විතරයි. කොහොමහරි ඒකත් මේ ගොල්ලෝ පරද්දවා ගත්තා. මේ ගොල්ලෝ හරි අමාරු කාරයෝ...
වසර 44 ට පෙරත් හඳෙන් පස් ගෙනාවෙ චීනෙද? ඒකත් දැනගන්න පාඨකයො කැමතිවෙයි.
"චීනගේ 'චැන්ජී' යානය සඳ මත බැසලා... චීනා උඩ යන්නේ ලෝකයෙ ඇස් වසලා ... කවියක් ලියනු කෙලෙසක සඳ උන් නසලා ... සැකයක් නොමැත උන් කෝවිඩ් එහි වවලා ... "