(විනීතා එම් ගමගේ)
ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණිය හැකි ද නැද්ද නීතිපතිවරයාට තීරණය කළ නොහැකි යැයි ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
ඔහු පාර්ලිමේන්තුවට ගෙන්වනවා ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ කථානායකවරයා සහ පාර්ලිමේන්තුව බවත් නීතිපතිවරයාට අධිකරණයේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටීමට පමණක් හැකි බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
වාසුදේව නානායක්කාර මහතා මේ බව කියා සිටියේ ජල සම්පාදන අමාත්‍යංශයේ අද (31) පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ මේ වනවිට ප්‍රේමලාල් ජයසේකර මහතා අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් එය ඉදිරිපත් කළ මොහොතේ සිට වරදකරු වන තෙක් පෙර පැනවුණු දඬුවම අත්හිටවනු ලබන බවයි.
අභියාචනාධිකරණයේ දී නඩුව විභාග වෙද්දී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නීතිපතිවරයාට අවස්ථාව ඇතැයි ද ඔහු කීය.
දුමින්ද සිල්වා මහතා ද අභියාචනය ඉදිරිපත් කර එයින් වරදකරුවන තුරුත් පාර්ලිමේන්තු ආ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසු මහත්තයා ගැන ලැජ්ජාවක් ඇතිවෙනවා.
හොරුන්, දූෂකයන්, මිනීමරුවන් පෙරටු කරගෙන ගමනක් යමු.
චොකා මල්ලිව විතරක් නෙමෙයි කුඩු නායකයින්, පාතාල නායකයින්, හොරුන්, තක්කඩියන්, මංකොල්ලකාරයින් ඔක්කොම ටික ගෙන්නාගෙන රට පාලනය කරන්න. එතකොට තමයි නියම ජොලියක් තියෙන්නේ. නැද්ද මං අහන්නේ. අනේමන්දා මේ අය කොහෙන්ද කතා කරන්නේ කියලා ...?
චොකා මල්ලිගේ ප්‍රශ්නය පැත්තකින් තියමු. මිනීමැරුමකට වරදකරුවී සිටින නිසා අදාල අධිකාරියෙන් ඒ ප්‍රශ්ණය විසඳා ගැනීමට ඉඩදෙමු. ජලසම්පාදන පහසුකම් ඉල්ලා ඇති අයට ඒවා ප්‍රමාදවී තිබෙන්නේ ජල මීටර් සහ ජල නල නොමැති නිසා බව මණ්ඩලය කියයි. ඔබතුමාගේ අමාත්‍යාංශය යටතේ ඇති ජල සම්පත් මණ්ඩලයට මේ ගැන දැනුවත් කර ජල සම්බන්ධතා ඉල්ලා ඇති සැමට වහාම එම පහසුකම ලබාදීමට පියවර ගන්නේ නම් මැනවි. එසේ නොකළොත් එය ආණ්ඩුවේ ජනප්‍රියතාවයට කැලලක් වනු ඇත.
ඇඳුමකුත් ඇඳගෙනද මේ කතා කරන්නේ? මට සැකයි. ඒකයි මම ඇහැව්වේ.
මේ මොන මළගිය ප්‍රාණකාරයෙක්ද? කාටද මෙයාගෙන් ඇති වැඩේ...?
නීතියට හා නීතිපතිට අපහාස කළාට හිරේ දාන්න ඕනේ...
වඩා හොඳයි බන්ධනාගාරවල ඉන්න මරණ දඬුවම් නියම වූවන් ගෙනැල්ලා පාර්ලිමේන්තුව පිරෙව්වා නම්... බලන්නකෝ අපරාධකාරයින් ගැන මෙයාට තියෙන කැක්කුම..
මෙයා දතකන්නේ මිනීමරුවෙක්ව පාර්ලිමේන්තුවට ගෙනඒමට නේද? මේ වගේ අය ඉන්නකම් ලංකාවට වැඩක් නැහැ. කෝ නිදහස් අධිකරණයක්...? දැන් 2/3 ගන්න ඡන්දෙ දීපු අයට සැපද?
සිර දඬුවම් නියම වු ෆොන්සේකා පාර්ලිමේන්තු එන්න තහනමු වුණා නම්, එල්ලුම්ගස් නියම වුණු මිනීමරුවෙකුට පාර්ලිමේන්තු එන්න පුළුවන්ද?
කොහොමත් තව ටිකදවසකින් චොකාමල්ලිත්, දුමින්දත් නිදහස්...
වාසු 68,000 යි. චොකා මල්ලි 142,000 යි. කොහොමද වෙනස?
ඔබතුමා කියන්නේ ඇස්පනාපිට මිනීමරුවෙක් කරපු චූදිතයෙක්ව, අධිකරණයෙන් මරණ දඬුවමත් දීපු කෙනෙක්ව පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා නේද? ඔබ හරි.., මේ වගේ උදවිය තමයි අද මේ ආණ්ඩුවට අවශ්‍ය...
ඔව් ඔව් කතාව ඇත්ත.. මොකද කොහොමත් පරුවෙච්ච, කල් පැනපු, වේලිච්ච ඇඹුල් දොඩම් වඩාත් කැමති, චොර වෙච්ච නියඟලා වලටනේ..
අපි වෙනුවෙන් අපි...
එක රෝම කූපයක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ.
වාසු මොකද මේ උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට අධිකරණයෙන් දඬුවම් දුන් කෙනෙක්ව ගේන්නේ.. ?
පිංකෙත රන්දෙරණේ... ජරාජීර්ණ දේශපාලනය සහ දේශපාලුවන්.
මොකද බැරි? අධිකරණයෙන් මරණ දඬුවම නියම වෙච්ච අපරාධකාරයෙකුව පාර්ලිමේන්තු ගෙනැල්ලා දිව්රුම් දෙවන්න බලයක් කථානායකට නැහැ. කලින් වැරදි දෙයක් කරලා ඒක නැවත කරන්න අයිතියක් තියෙනවා කියලා කියන්න බැහැ. මේ රටේ කථානායක මිනීමරුවෙක්ට ඉහළ ප්‍රශංසාවක් දීලා කථානායක තනතුර බරපතල විදිහට හෑල්ලු කරලා තියෙනවා. අනිත් එක මේ රටේ අපරාධ නීතිය සම්පූර්ණයෙන් උඩුයටිකුරු කරන්න ඕනේ. අධිකරණයෙන් මරණ දඬුවම් හෝ දීර්ඝ කාලීන සිරදඬුවම් නියම වෙන අපරාධකාරයන්ට අඩු ගානේ අවුරුදු 40ක් වත් ඒ දඬුවම වින්දාට පසුව පමණක් අභියාචනා ඉදිරිපත් කරන්න පුළුවන් විදිහට නීතිය වෙනස් වෙන්න ඕනේ. පුදුම (අව)නීති රටේ තියෙන්නේ. අධිකරණයෙන් මරණ දඬුවම නියම වෙච්ච රාජපක්ෂ මහත්වරුන්ට සම්බන්ධ අපරාධකාරයින් කෙලින්ම යන්නේ හිරේට නෙමෙයි බන්ධනාගාර රෝහලේ අති සැපපහසු වාට්ටුවකට...
මේ වයසක මනුස්සයට අසනීපයක් වගේ... මෙයාටත් පාර්ලිමේන්තුව තහනම් කළා නම් හරි...
මෙයත් ඉතින් හැමදාම පාර්ලිමේන්තුවට ආවේ කාගේ හරි පිහිටෙන්නේ...
ලෝකයාටම දෙන ලොකුම වැරදි පණිවිඩය.. උසාවියේදී වැරදිකරු කොට, මරණ දඬුවම ලබා දුන්නු පුද්ගලයන් ජනතාවට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති සභාවක නියෝජනය කිරීම.. ෆොන්සේකා මහතාට දුන් තීරණය මතක නේද හැමෝටම..?
දුමින්ද සිල්වා වරදකරු වෙනතුරු පාර්ලිමේන්තුවේ නම් වරදකරුවෙලා තිබෙන කෙනා ගැන මොන කතාද? ඊළඟ ආණ්ඩුවේ තීන්දුව එනතුරු මෙයා ඉන්න ඕනෙ හිරේ... ඇප ඉල්ලුවා කියන්නේ මෙයා නිදහස් පුද්ගලයෙක් කියන එක නෙමෙයි. මේක මෙයාගේ මෑණියන්ගේ නීතියක්නේ.
ඒ කියන්නේ දැන් රටේ නීතිය වලංගු නැහැ කියන එකද?
රටේ නීති නමන්නේ ඔබලා. මමේ හැටියට පාතාලයේ හාදයෙක්..
එයා දැනටමත් මිනීමරුවෙක් කියලා උසාවියෙන් ඔප්පුවෙලා ඉවරයි. අභියාචනයක් දැම්මා කියලා එ්කේ තීන්දුව එනතුරු එයා මිනිමරුවෙක්... ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න දඟලනවා..
අපේ රටේ දේශපාලකයන්ට දැන් නීතිය නවන්න හදන්නේ.. රටේ නීතිය කාටත් පොදුවිය යුතුයි කියලයි ගෝඨාභය මහත්තයා නම් කිව්වේ....
සරත් ෆොන්සේකා මහතාට පාර්ලිමේන්තු ඒමට එවකට කතානායක චමල් රාජපක්ෂ මහතා ඉඩ දුන්නේ නැත්තේ ඇයි? දේශපාලන පළිගැනීම් නේද?
දප්පුල, කෝ ඔබේ පිප්පිලි..? යහපාලන කාලේ චණ්ඩියානේ... දැන් නම් නොණ්ඩියා... පේනවනේ දාන නක්කලේ...
මෙන්න මේ වාසු වගේ අය පාර්ලිමේන්තු එවපු අයටයි ගහන්න ඕනේ. අපේ සල්ලිත් කනවා. මිනීමරුවෙක් ගේන්න දඟලන දැඟලිල්ල..
චොකාමල්ලි ගැන වාසු ලොක්කා දන්නේ මොනවද? මේක ඉතා බරපතල අධිකරණ තීන්දුවක් නොවේද? මෙවැනි දරුණු අපරාධයකට කොතරම් පහළ උසාවියකින් හෝ මොහු රටේ පවතින නීතිය යටතේ, ඔහුට දියහැකි උපරිම දඬුවම ලබාදී තිබෙනවා නොවේද? ඒ නිසා ඔහුව ආරක්ෂා කිරීමට වලිකන හෙන්චයියලා මෙන්ම, දඬුවම ලැබූ පුද්ගලයාත්, රටේ උත්තරීතර නීති සම්පාදනය කරන ආයතනයට අති විශාල නිගරුවක් කරන බව මේ වාචාල කතා මගින් මොනවට පැහැදිලි වනවා නොවේද?
එතකොට කලින් වතාවලදී එහෙම වුනේ නැත්තේ ඇයි?
රාජපක්ෂලා ආණ්ඩු කරද්දී කොහොමත් ඒ ගොල්ලන්ට ඉහළින් කිසිවකු නැත. නීතිය යනු ඔවුන්ගේම කැමැත්තයි. ඔවුන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවට එන සහ මැදමුලන කුණු හෝදන අය හඬ නැගිය යුත්තේද මෙලෙසින්මය.
මෙයාත් දැන් ජේ.ආර්ගේ වයසට ඇවිල්ලනේ. ඒකයි මඤ්ඤං වෙලා තියෙන්නේ... අනේ කෝ ඔය හංකඩේ ඇතුලෙ හිටපු කම්කරු නායකයෝ?
විකාර කරන්න එපා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 කියන කොටසේ පැහැදිලිව කියා තිබෙනවා මිනීමරුවන්ට පාර්ලිමේන්තු එන්න බැහැ කියලා. අපට ඉස්සෙල්ලා ඔහේලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න.
‘‘චොකාමල්ලී‘‘ කියන නම අහපු ගමන් මගේ ආච්චි කිව්වේ ඕක නම් පාතාල කාරයෙක්ගේ නමක් වගේ කියලයි. ඒ වුණාට අපේ සියල්ල දන්නවා කියන වාසු නම් චොකා මල්ලිට සුදුහුණු ගාලා මැතිසබේට කැන්දන් ඇවිත්, පස්ස බිම ඇණගන්න දවස වැඩි ඈතක නොවේ.