(අංජුල මහික වීරරත්න)

ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුවලට විසදුම් ලබා දෙන්නයි ඉල්ලමින් පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද දහවල් උද්ඝෝෂණයක් කළේය.

ගුරු සංවර්ධන නිලධාරීන් සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව මෙම විරෝධතාව සිදුකරන බව ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අතර අදාල ගැටලු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (3) සාකච්ඡාවක් ලබා දී තිබේ.

(ඡායා ජයමාල් චන්ද්‍රසිරි)