
(ජේ.කේ.එල්.චාමින්ද සහ ඩී ජී සුගතපාල)
ගාල්ල දෙවට හන්දියේ පැරණි යකඩ එකතු කරනු ලබන වෙළඳ සැලක් තුළ අද (08) දහවල් ගිනි ගැනීමක් සිදු වූ බව ගාල්ල වරාය පොලිසිය පවසයි.
මෙම වෙළඳ සැලතුළ ගිනි ගැනීම ඇතිවීමත් සමග ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන රථ තුනක් සහ නාවික හමුදාවේ ගිනි නිවන රථ දෙකක් මෙම ස්ථානයට පැමිණ ගාල්ල වරාය පොලිසියේ සහ ප්රදේශවාසීන්ගේ සහායඇතිව ගිනි ගැනීම මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබීය. ගිනි ගැනීමට හේතුව අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.
මෙම ගිනිගැනීමත්් සමග ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ දෙවට ප්රදේශය තුළ පැයකට අධික කාලයක් දැඩි රථ වාහන තදබදයක් ද ඇති වී තිබුණි.ගාල්ල වරාය පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd