(ශිරාන් රණසිංහ)
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් තුන්සියයකින් නැවත වැඩි කළ යුතු යැයි ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච් වෑගපිටිය මහතා පවසයි.
මීට අදාල ඉල්ලීම පාරිභෝගික අධිකාරියට යොමුකර ඇතැයි ඒ මහතා කියා සිටි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ඉහළයෑම නිසා ගෑස් මිලද ඉහළ දැමීය යුතුය ඇතැයි ඒ මහතා කීය.
බොරතෙල් මිල ඉහළ යෑම ගෑස් කර්මාන්තයට දැඩි සේ බලපාන බැවින් ගෑස් මිල ඉහළ දැමීම අවශ්‍ය බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක බොරතෙල් මිල ඉහළ ගියනිසා තෙල් මිල වැඩිකළා හරියි කියමුකෝ... ගෑස් මිල ඉහළ ගියේ නැහැනේ... එහෙනම් මොන මගුලකටද ගෑස් මිල 300 කින් වැඩිකරන්න කියන්නේ.
ඔව් හැම දේකම මිල වැඩිකර දුප්පතාට බදුබර පටවා සිතුසේ හොරකම් කරමින් සුකොපබෝගීව ජීවත් වෙන්න ඉඩ දිය යුතුයි.
සාර්ථක ව්‍යාපාරිකයෙකු නිතරම පාහේ තම පාරිභෝගිකයා තලා පෙලා නොදමන්නෙක්. ඒත් අප රටේ තත්වය මීට වෙනස්. ගෑස් මිල වැඩිකිරීමට හේතු තියෙනවා ඇති. ඒත් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගෙන ගෑස් මිල පාලනය කර ගැනීමයි වැදගත් වන්නේ. අනිත් කාරණාව මා ඇතුළු අපේ රටේ මිනිසුන් නිකං දිරායන පොල්කොලය, මටුල්ල, දර ටික අමතක කොට නවීන පන්නයට ගෑස් කාරයන්ගේ ගෑස් බලන්න පුරුදු උනා. දැන් හෝ අප ඇත්ත වටහාගෙන අඩුපාඩු හදාගෙන පරිසරයට හුරු උනොත් ගෑස් කාරයන් මෙල්ල කිරීම අපහසු නැහැ.
500 කින්ම එකපාර වැඩි කරන්න. සැරෙන් සැරේට පොඩ්ඩ පොඩ්ඩ වැඩි කරන්නේ නැතුව. අපිටත් කරදරයක්. හෝටලේ මුදලාලිටත් කරදරයක්.
හරිම සනීපයක් දැනෙනවා හිතටත් ගතටත් මේවා කන වැටෙද්දී . ඩොලරයට බම්බු ගහන්න කියලා මිනිසුන්ගේ බඩට සාපේක්ෂව මිල සුත්‍රයක් ඉදිරිපත් කලොත් හොඳ නැද්ද?
ඔය ලාෆ් එක ජනසතු කරානම් ෂෙල් වගේ, හරි.
අම්මටද? අප්පටද?
බයවෙන්න එපා... ඕක උද්ඝෝෂණ, කඳුළු ගෑස් ප්රහාරවල් නැතුව ඉටුකරාවි...
රුපියල් 300/- ක් වැඩි කලහම මහින්ද මහත්තයාගේ කාලේ මිලට වඩා වැඩි වෙන්නේ නැතුව ඇති නේද? එහෙනම් කමක් නැහැ .