
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ වෙනත් දේවල්වල මාෆියාවන් ක්‍රියාත්මක වනවා සේම ගෑස් වෙළෙඳපොලේ ද ‘මාෆියාවක්’ ක්‍රියාත්මක වන බවත් එක කණ්ඩායමක් පමණක් ගෑස් වෙළෙඳපොල පාලනය කරමින් වෙනත් කිසිවකුට පැමිණීමට නොදෙන බවත් ‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පැවසීය.
එම කණ්ඩායම පසුගිය වසර අවුරුදු 10 ක කාලය තුළ ගෑස් වෙළෙඳපොලේ වෙනත් කිසිවකුට ගෑස් විකිණීට ඉඩ නොදුන් බව කී තෙෂාර ජයසිංහ මහතා එම ඒකාධිකාරිය කවුරු හෝ වෙනස්කිරීමට උත්සහ කළ හොත් එම පුද්ගලයාට හෝ ඒ ආයතනයට එරෙහිව කටයුතු කිරීම ඔවුන්ගේ අභිලාශය බව ද සඳහන් කළේය.
එම කණ්ඩායමට පක්‍ෂය හෝ ආණ්ඩුව අදාල නොවන බවත් රාජ්‍ය ආයනයක් ලෙස ලිට්‍රෝ සමාගමට වැඩ කිරීමට නොදෙන බවත් සභාපතිවරයා කීය.
ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තර්ජනය කළ බව කී සභාපතිවරයා පැවසුවේ එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවත්ය.
තර්ජනය සමඟ ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සහ අධක්‍ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසා ජනාධිපතිතුමාගේ උපදෙස් ලැබෙන තෙක් බලාසිටීමට සිදුවීමෙන් ගෑස් හිඟය ඇති වූ බවත් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
‘ලිට්‍රෝ’ ගෑස් සමගාමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය අද (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ බැරි බැරියාව වහගන්න මොකක් හරි බොරු මාෆියාවක් මවනවා..
මිනිස්සු ගෙවල් වල ගෑස් සිලින්ඩර ගොඩගහගෙන ඉන්නවා කියලා කීවෙ මෙයානෙ.
තමන්ගේ නායකයන්ටත් වඩා ලොකු බොරුකාරයෙක්. දශක කිහිපයක් ගෑස් වෙළදාම සිදු උනා. එත් මෙවන් හිඟයක් හෝ විශාල මිල වැඩිවීමක් මෑත ඉතිහාසයේ සිදු වුනේ නැහැ.
"ගෑස් නැව වරායට පැමිණ තිබුණට කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දික්කරන්නේ නැත්නම් ගෑස් දෙන්න නෑ කියලා ඔවුන් තර්ජනය කළ බව කී සභාපතිවරයා පැවසුවේ එම තත්වය හමුවේ ප්ලාන්ට් එක වසාදැමීම නිසා පසුගිය මස 28 වැනිදා සිට මේ මස 1 වැනිදා දක්වා ගෑස් නිකුත් කිරීමට නොහැකි වූ බවත්ය. " ඩොලර් නැති නිසා කියන්නෙ නැතිව මොනවාද මේ බොරු !! නමක් ගම්ක් නැතිව " මාෆියා ", බොරු කාරයෝ .
"අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ " දැන් විකුනන්න බැරි හින්ද අලුත් එක "මාෆියා"