
(යොහාන් භාසුර)
ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති ආනයනික සමාගම් විශාල මුදලකින් මිල ඉහළ දැමීමට ඉල්ලා සිටීමෙන් එම භාණ්ඩ තුනේ නව මිල තීරණය කිරීම ලබන සඳුදා දක්වා කල්දැමීමට පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
ගෑස් සමාගම් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000 කට ආසන්න මුදලකින් ද, සිමෙන්ති සමාගම් රුපියල් 180 ක පමණ මුදලකින් ද, තිරිඟු පිටි සමාගම් කිලෝවක් රුපියල් 20 ක පමණ මුදලකින් ද, මිල ඉහළ දැමීමට ඉල්ලා සිටින බවත් එම මිල ගණන්වලට පාරිභෝගික කටයුතු අධිකාරිය එකඟ නොවීම නිසා නව මිල ගණන් ප්‍රකාශයට පත්කිරීම කල්ගිය බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු භාණ්ඩ මිල අහස උසට නැග යන්නේ අධිවේගයකින්... එහෙව් රටේ කොරෝනා නිසා මිනිසුන් අන්ත අසරණ වෙලා. කනවා නොවෙයි ලෙවකනවා. ඒත් ලැජ්ජාවට කට පියාගෙන හිටියත්, හදවතේ විතරක් නෙමෙයි මුළු සර්වාංගය පුරාම ගිනිජාලා ඇවිලෙනවා. ඒ මදිවට රටේ සමහර දෙනා රටේ මුදල් දේපල, මහා පරිමාණ ලෙස සූරා කනවා. මිනිසුන් හිඟාකන තත්වයට වැටිලා. ඒත්, සමහර දේශපාලකයින්ට ඒ දුක දැනෙන්නේ නැහැ. පැන්ඩෝරා පේපර්ස් ඇත්ත එළිකරත්, ඒවා වහන්නට දඟලනවා. අනේ.. රටකට ගිය කලක්..
රාජ්‍ය අමාත්‍යවරයා නග්ගන්න හරිම කැමතියි වගේ. ආනයනික බදු මුදල් අඩු කරමින් හෝ මේ අසීරු මොහොතේ ජනතාවට සහනයක් සැලසීම රජයේ වගකීමයි. අකමැත්තෙන් හෝ මිල නැංවීම පසෙක තබා මේ ගැන රජයට යෝජනා කරන්න.