(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෑම ගොවියෙකුට ම කාබනික පොහොර නිෂ්පාදනය සඳහා හෙක්ටයාරයකට රුපියල් 12,500 ක් බැගින් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඇතමුන් මවා පාන පරිදි රට තුළ පොහොර හිඟයක් නොමැති බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
පොහොර වර්ග ආනයනය ට අදාලව 2021 මැයි මස 6 වෙනි දින නිකුත් කළ ආනයන අපනයන පාලන පනතට අදාළ ගැසට් පත්‍රය අඩුපාඩු පවතින බවත් ඉදිරියේදී එය නිවැරදි කර අලූත් ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දෙනවා කීව 5000වත් දීගන්න බැරුව තටමනවා. අච්චු ගහලා වෙන්න ඇති දෙන්න හිතාගෙන ඉන්නේ. මේවා නිකන් සුරංගනා කතා විතරයි.
කවදා සිටද?
කෘෂිකර්ම අමාත්‍යවරයා විෂය ගැන නොදැන කටයුතු කරන අයෙකු බව පැහැදිලිවේ. යහපාලනයේ හිටියේද මෙවැනිම අයෙකි. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට මාසයකට දෙකෝටි විසිලක්ෂය බැගින් වසර 5 කට කුලී ගෙවීමේ තකතීරුකම හිටන් දැක්කේ නැත. හිටන්ට පෙනුනේද නැත. සාපය රජයේ සේවකයින්ට නොව සාමාන්‍ය ජනතාවටයි. සේවය නොකර අයිතිවාසිකම් දිනාගැනීමට රජයේ සේවකයින් සෑදී පැහැදී සිටී.අපි ඔවුන්ට සාප කරමු.