IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගුවන් හමුදා නියමුවන්ට එතෙර වැඩි ඉල්ලුමක්

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින  හෙලිකොප්ටර්  නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ  මෙහෙයුම් කටයුතුවලට  යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි  නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි  ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙයට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර්  නියමුවන් තවත් පිරිසක්  ඕමානය ඇතුළු රටවල් කිහිපයක පොලීසි භාවිත කරන  හෙලිකොප්ටර් යානාවල  නියමුවන් ලෙස බඳවා ගෙන ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ  නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක්ද  විදේශ ගුවන් සේවයන්හි ගුවන්යානා නඩත්තු කටයුතු සඳහා  සම්බන්ධ කරගෙන ඇතැයි ප්‍රකාශ කරයි.

එම පිරිස මෙසේ බඳවා ගෙන ඇත්තේ  ඔවුන්ගේ  පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම සැලකිල්ලට ගෙන බවත් මෙම  පිරිස් මාර්ගයෙන්   මෙරටට  ඩොලර් විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ගුවන් හමුදාව පවසයි.

මේ අතර  අප්‍රිකාවේ  සාමසාධක රාජකාරි සඳහා  ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  හෙලිකොප්ටර්  නියමුවන් දස දෙනකු පමණ  හෙලිකොප්ටර්  කිහිපයක්ද සමඟ  රාජකාරියේ යොදවා සිටින බව  පවසන ගුවන් හමුදා මූලස්ථානය  එමගින්ද  ඩොලර් කෝටි දොළොහක්  පමණ දැනටමත් ලැබී ඇතැයි සඳහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ ශිල්පීන් රැසක් මෑත කාලයේදී   විදේශයන්හි  දුම්රියවල අලුත් අලුත්වැඩියා කටයුතු සඳහාද    බඳවා ගෙන ඇති බව  ගුවන් හමුදා ප්‍රධානීහු පවසති.



අදහස් (11)

ගුවන් හමුදා නියමුවන්ට එතෙර වැඩි ඉල්ලුමක්

පිටිගල මිලානෝ Saturday, 30 April 2022 12:13 PM

ඔය ඩොලර් තමයි සල්ලි අච්චු ගගහා ඒවාට මාරුකරලා හොරු පිටරට පැටෙව්වේ...!

:       17       160

වර්ණකුලසූරිය Saturday, 30 April 2022 12:52 PM

එහෙමත් ඩොලර් ලැබෙනවා නම් රටේ ඩොලර් නැතිව හිඟාකන්නේ ජෙට් යානාවලින් උගන්ඩාවට ගෙනියන නිසාද? මැදපෙරදිග අපේ ගෘහ සේවිකාවන් වහල්කමේ යෙදී උපයන මුදල් ගැන නිසි ඇගයීමක් අපට අසන්නට නැත. ඒවා බැංකු හරහා මංකොල්ල කෑම අද රජයේ අවශ්‍යතාවයයි. එම මුදල් තමන්ගේ වත්කම් කරගෙන විදේශ රටවල වත්කම් රැස්කරන අපේ පාලකයින්ට නීතියේත්, හාමුදුරුවන්ගේත් ආශිර්වාදය නොඅඩුව හිමිවේ. කොපමණ ඩොලර් ලැබුණත් පාලක හොර කල්ලි පලවා හරින තෙක් ශ්‍රී ලංකාවේ පහළ පන්තියට දෙවියන්ගේ පිහිට පමණි. අද පවතින උරුමය අපේම කැමැත්ත වේ. නැවත තෝරා ගන්නේද කරුමයයි. එය අවු.74 උරුමය ඉදිරියට ගෙනයාම පමණකි.

:       12       205

Kumara Saturday, 30 April 2022 01:55 PM

මෝඩ වැඩ. මේ රටේ මොනතරම් මිනිස්සු පිටරටවල වැඩකරලා රටට විදේශ විනිමය එවනවද? ගුවන් හමුදාව ගැන විතරක්ම කියන්නේ ඇයි?

:       21       101

Kapila Saturday, 30 April 2022 02:04 PM

මොන බොරුද මේ කියන්නේ...? 15ක් 20ක් විතර ඉන්නවා ගුවන් නියමුවෝ... ඉංජිනේරුවන් 10ක් විතර ඉන්නවා. කාර්මික නිලධාරීන් 200ක් විතර ඉන්නවා. ඒත් අනිත් රටවල් එක්ක බැලුවාම මේක ඉතාම පොඩි ගාණක්..

:       13       102

SDC Saturday, 30 April 2022 02:50 PM

එතකොට අපි සියඹලා ගෙනැල්ලාම නැද්ද?

:       5       100

de silva berlin Saturday, 30 April 2022 06:01 PM

ඔය නියමුවෝ ගුවන් හමුදාවේ සේවය කරන කාලේ හොරු එහාට මෙහාට ට්‍රාන්ස්පෝර්ට් කරලා හොරුන්ගේ පැටිකිරිය අපිට වැඩිය හොඳින් දන්නවා. හොරු රට පාලනය කරන කල් ඔවුන් මුදල් එවන්නෙත් නෑ.

:       10       95

සාරංග Sunday, 01 May 2022 08:46 AM

මට හිතෙන විදියට ඇත්තටම දැනට රටේ කිසිම වැඩක් ගන්න බැරි ආයතනයක් තමයි ගුවන් හමුදාව කියන්නේ. යුධ හමුදාව සෑහෙන්න සේවයක් රටට කරනවා. නාවික හමුදාව ගත්තොත් හැමදාම ප්‍රවෘත්ති වල සදහන් වෙනවා මත්ද්‍රව්‍ය, රත්තරන්, හොරබඩු අල්ලනවා. නමුත් ගුවන් හමුදාවෙන් මොකක්ද දැනට රටේ කෙරෙන සේවය. එකම සේවය තමයි දුෂිත දේශපාලකයො උදේ හවස ගුවනින ප්‍රවාහනය කරන එක. ගුවන් හමුදාවෙන් කෙරෙන එකම වැඩක්වත් ප්‍රවෘත්තියක දැකල තියෙනවද. මට හිතෙන්නෙ මේ ප්‍රවෘත්තියත් ගුවන් හමුදාවෙන්ම දෙන්න ඇති. එක්කනෛක් කියල තිබුනා විශ්‍රාම ගිය ගුවන් හමුදාවේ අය විවිධ රටවල වැඩ කරල ලංකාවට සෑහෙන්න ඩොලර් එවනවා කියල. මම දැනුවත්ව නාවික හමුදාවේ විශ්‍රාම ගිය විශාල ප්‍රමාණයක් ඉන්නවා විදෙස් නෞකාවල රුකියා කරන. එහෙනම් නාවික හමුදාවෙනුත් මේ වගේ ප්‍රවෘත්ති දාන්න තිබුන නේද. මේවා ගුවන් හමුදාවට එක ගැනීම සදහා එයාල විසින්ම එවපු ප්‍රවෘත්තියක්.

:       0       0

කිරි පුතා Sunday, 01 May 2022 10:07 AM

කවදත් සද්ද බද්ද නැතිව රටට සේවය කරන එකම රාජ්‍ය සේවය තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය...

:       3       1

Surain Sunday, 01 May 2022 12:36 PM

වෙන දේවල් මොකුත් නෑ වගේ...!

:       0       0

පිටරැටියා Sunday, 01 May 2022 01:56 PM

දූෂිත පවුල් පාලනේ ගියදාට අපිත් පවුම් එවනවා. සුනාමි ආධාර ගසාකාපු හැටි අපි නොදන්නවා නෙවෙයි...

:       0       2

Asantha Jayakody Sunday, 01 May 2022 10:55 PM

මොන විකාරද? මම ගුවන් හමුදාවේ නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක්. ගුවන් යානා කාර්මික ශිල්පියෙක්. අපේ වාසනාවකට අපට රැකියා ලැබුණා. නමුත් එලෙස රැකියා ලබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සුදුසුකම් ඇතිවන විදියට සහතියකයක්වත් ගුවන් හමුදාවට දී ගන්න බෑ. උසස් පුහුණු පාඨමාලාව සහතික පත්‍ර පාඨමාලාවක් විදියටමයි තවමත් දෙන්නේ... ඉහළ නිලයන්ගේ කුහකකම තමයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 528 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2257 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1686 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site