(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් සිටින හෙලිකොප්ටර් නියමුවන් 50 කට ආසන්න පිරිසක් මැදපෙරදිග තෙල් ආකරවල විවිධ මෙහෙයුම් කටයුතුවලට යොදවා ගන්නා හෙලිකොප්ටර් යානාවන්හි නියමුවන් ලෙස බඳවාගෙන ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙයට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් තවත් පිරිසක් ඕමානය ඇතුළු රටවල් කිහිපයක පොලීසි භාවිත කරන හෙලිකොප්ටර් යානාවල නියමුවන් ලෙස බඳවා ගෙන ඇති බව සඳහන් කරන එම ආරංචි මාර්ග ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ නිලධාරීන් දෙසීයකට වැඩි පිරිසක්ද විදේශ ගුවන් සේවයන්හි ගුවන්යානා නඩත්තු කටයුතු සඳහා සම්බන්ධ කරගෙන ඇතැයි ප්‍රකාශ කරයි.
එම පිරිස මෙසේ බඳවා ගෙන ඇත්තේ ඔවුන්ගේ පළපුරුද්ද සහ තාක්ෂණික දැනුම සැලකිල්ලට ගෙන බවත් මෙම පිරිස් මාර්ගයෙන් මෙරටට ඩොලර් විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් ගුවන් හමුදාව පවසයි.
මේ අතර අප්‍රිකාවේ සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් නියමුවන් දස දෙනකු පමණ හෙලිකොප්ටර් කිහිපයක්ද සමඟ රාජකාරියේ යොදවා සිටින බව පවසන ගුවන් හමුදා මූලස්ථානය එමගින්ද ඩොලර් කෝටි දොළොහක් පමණ දැනටමත් ලැබී ඇතැයි සඳහන් කරයි.
ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය තාක්ෂණ ශිල්පීන් රැසක් මෑත කාලයේදී විදේශයන්හි දුම්රියවල අලුත් අලුත්වැඩියා කටයුතු සඳහාද බඳවා ගෙන ඇති බව ගුවන් හමුදා ප්‍රධානීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඩොලර් තමයි සල්ලි අච්චු ගගහා ඒවාට මාරුකරලා හොරු පිටරට පැටෙව්වේ...!
එහෙමත් ඩොලර් ලැබෙනවා නම් රටේ ඩොලර් නැතිව හිඟාකන්නේ ජෙට් යානාවලින් උගන්ඩාවට ගෙනියන නිසාද? මැදපෙරදිග අපේ ගෘහ සේවිකාවන් වහල්කමේ යෙදී උපයන මුදල් ගැන නිසි ඇගයීමක් අපට අසන්නට නැත. ඒවා බැංකු හරහා මංකොල්ල කෑම අද රජයේ අවශ්‍යතාවයයි. එම මුදල් තමන්ගේ වත්කම් කරගෙන විදේශ රටවල වත්කම් රැස්කරන අපේ පාලකයින්ට නීතියේත්, හාමුදුරුවන්ගේත් ආශිර්වාදය නොඅඩුව හිමිවේ. කොපමණ ඩොලර් ලැබුණත් පාලක හොර කල්ලි පලවා හරින තෙක් ශ්‍රී ලංකාවේ පහළ පන්තියට දෙවියන්ගේ පිහිට පමණි. අද පවතින උරුමය අපේම කැමැත්ත වේ. නැවත තෝරා ගන්නේද කරුමයයි. එය අවු.74 උරුමය ඉදිරියට ගෙනයාම පමණකි.
මෝඩ වැඩ. මේ රටේ මොනතරම් මිනිස්සු පිටරටවල වැඩකරලා රටට විදේශ විනිමය එවනවද? ගුවන් හමුදාව ගැන විතරක්ම කියන්නේ ඇයි?
මොන බොරුද මේ කියන්නේ...? 15ක් 20ක් විතර ඉන්නවා ගුවන් නියමුවෝ... ඉංජිනේරුවන් 10ක් විතර ඉන්නවා. කාර්මික නිලධාරීන් 200ක් විතර ඉන්නවා. ඒත් අනිත් රටවල් එක්ක බැලුවාම මේක ඉතාම පොඩි ගාණක්..
එතකොට අපි සියඹලා ගෙනැල්ලාම නැද්ද?
ඔය නියමුවෝ ගුවන් හමුදාවේ සේවය කරන කාලේ හොරු එහාට මෙහාට ට්‍රාන්ස්පෝර්ට් කරලා හොරුන්ගේ පැටිකිරිය අපිට වැඩිය හොඳින් දන්නවා. හොරු රට පාලනය කරන කල් ඔවුන් මුදල් එවන්නෙත් නෑ.
මට හිතෙන විදියට ඇත්තටම දැනට රටේ කිසිම වැඩක් ගන්න බැරි ආයතනයක් තමයි ගුවන් හමුදාව කියන්නේ. යුධ හමුදාව සෑහෙන්න සේවයක් රටට කරනවා. නාවික හමුදාව ගත්තොත් හැමදාම ප්‍රවෘත්ති වල සදහන් වෙනවා මත්ද්‍රව්‍ය, රත්තරන්, හොරබඩු අල්ලනවා. නමුත් ගුවන් හමුදාවෙන් මොකක්ද දැනට රටේ කෙරෙන සේවය. එකම සේවය තමයි දුෂිත දේශපාලකයො උදේ හවස ගුවනින ප්‍රවාහනය කරන එක. ගුවන් හමුදාවෙන් කෙරෙන එකම වැඩක්වත් ප්‍රවෘත්තියක දැකල තියෙනවද. මට හිතෙන්නෙ මේ ප්‍රවෘත්තියත් ගුවන් හමුදාවෙන්ම දෙන්න ඇති. එක්කනෛක් කියල තිබුනා විශ්‍රාම ගිය ගුවන් හමුදාවේ අය විවිධ රටවල වැඩ කරල ලංකාවට සෑහෙන්න ඩොලර් එවනවා කියල. මම දැනුවත්ව නාවික හමුදාවේ විශ්‍රාම ගිය විශාල ප්‍රමාණයක් ඉන්නවා විදෙස් නෞකාවල රුකියා කරන. එහෙනම් නාවික හමුදාවෙනුත් මේ වගේ ප්‍රවෘත්ති දාන්න තිබුන නේද. මේවා ගුවන් හමුදාවට එක ගැනීම සදහා එයාල විසින්ම එවපු ප්‍රවෘත්තියක්.
කවදත් සද්ද බද්ද නැතිව රටට සේවය කරන එකම රාජ්‍ය සේවය තමයි ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය...
වෙන දේවල් මොකුත් නෑ වගේ...!
දූෂිත පවුල් පාලනේ ගියදාට අපිත් පවුම් එවනවා. සුනාමි ආධාර ගසාකාපු හැටි අපි නොදන්නවා නෙවෙයි...
මොන විකාරද? මම ගුවන් හමුදාවේ නීත්‍යානුකූලව ඉවත් වූ අයෙක්. ගුවන් යානා කාර්මික ශිල්පියෙක්. අපේ වාසනාවකට අපට රැකියා ලැබුණා. නමුත් එලෙස රැකියා ලබා ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය සුදුසුකම් ඇතිවන විදියට සහතියකයක්වත් ගුවන් හමුදාවට දී ගන්න බෑ. උසස් පුහුණු පාඨමාලාව සහතික පත්‍ර පාඨමාලාවක් විදියටමයි තවමත් දෙන්නේ... ඉහළ නිලයන්ගේ කුහකකම තමයි.