(විමුක්ති එස් රුද්‍රිගු)
එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා ගැනීමේ සිද්ධිය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකා බලධාරීන්ට ස්තුතිය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ
" කොළඹ වාණිජ මහාධිකරණය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය රඳවා තබා ගැනීම සඳහා ජූනි 2 වැනිදා ලබා දුන් වාරණ නියෝගය අද අත්හිටුවන ලදි. අත්හිටුවූ පසු ගුවන් යානය මොස්කව් බලා පියාසර කළ අතර මෙම තත්ත්වය කඩිනමින් සමථයකට පත් කිරීමට දායක වූ ශ්‍රී ලංකාවේ සියලුම රාජ්‍ය බලධාරීන්ට අපි ස්තූතිවන්ත වෙමු"

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ස්තුතියි පුටින් මහත්තයෝ. අපි බයෙන් හිටියේ කොයි වෙලේ මිසයිල් පාරක් කන්න වෙයිද කියලා. අලි මදිවට හරක් කියලා. අපිටමයි වෙන්නේ.
එතකොට මේ වැඩේ අල කළාය කියන පෙරකදෝරු පඬිතුමාටයි පිස්කල් ඇත්තාටයි මොකුත් ඇක්ෂන් එකක් ගන්න උවමනා නැද්ද? රුසියා- ලංකා සබඳතා බිඳින්න මේ දෙන්නා බළල් අත් වුනා කියලයි රටවැසි මහජන බොහෝ දෙනෙකුගේ අදහස.
එම නරක තීරණය ගත් පුද්ගලයින් ගැන සොයා බැලිය යුතුයි . නැවත එවැනි දේ සිදු නොවන්න
ඇත්තට මෙහෙම ප්‍රතිචාරයක් ආවාද >නැත්නම් අපිම ලියාගත්තාද?
එහෙනම් අපිට සංචාරකයෝ එවන්න හොඳේ. හාමුදුරුවෝ කිව්වලු... යාන්තම් ඇති ඒ ඒකත් ගියා.
එතකොට මේ තරම් පිස්සුවක් කෙලපු "නඩ්ඩ" ට වෙන දෙයක් නැද්ද ?