( තිළිණි ද සිල්වා )
මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අනිද්දා (21) සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි.
ඒ අනුව අනිද්දා (21) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙරටට පැමිණෙන සියලුම මගී ගුවන් යානා ගුවන්තොටුපළවල් වෙත ගොඩබැස්සවීම අත්හිටුවා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පැවසීය.
පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගනිමින් රජය මෙම පියවර ගත් බවද හෙතෙම වැඩිදුරටත් කීය.
කෙසේ වෙතත් මෙරටින් පිටත්ව යන මගී ගුවන් යානා සඳහා මෙම තහනම බලනොපැවැත්වෙන බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරලා කොහොමද? අර යුක්රේනයෙන් සංචාරකයින් ගෙන්වලා රටට දැවැන්ත අදායමක් ලබාදුන්නු මහත්තයා මේ සැරේ රුසියාවෙන් ඊටත් වඩා විශාල සංචාරකයින් සංඛ්‍යාවක් ගෙන්වන්න සැලසුම් කර තියෙනවා කියලා මාධ්‍ය වාර්තා කර තියෙනවා අපි දැක්කා. මේ ගැන රූපවාහිනී වැඩසටහනකදී කෝවිඩ් වසංගතය පිටුදැකීමේ වැඩසටහන බාර මේ දවස්වල රටෙත් නැති ලොකු මහත්තයෙකුගෙන් ප්‍රශ්න කල වේලේ එතුමා කියනවා " හිතාමතාම සමහර තැන්වල අපි යම් යම් අත්හදා බැලීම් කළා. ජනාධිපතිතුමා මට කිව්වේ අපි ගත්තු "රිස්ක්" එකෙන් ප්‍රයෝජනයක් තියෙන්න නම් අඩුම වශයෙන් සංචාරකයින් ලක්ෂ 20ක් වත් ගෙන්වා ගන්න අවශ්‍යයි කියලයි. ඉතින් "කොවින්" ( එතුමා කීව වචනය ) නැති රටකින් සංචාරකයෝ ගෙන්වලා මේක බෝවෙනවාද නැද්ද කියල හොයා ගන්න බෑනේ." දැන් ඉතින් මේ විදිහට වැඩ කළොත් සංචාරකයින් ගෙන්වලා මේ ලෙඩේ බෝවෙනවද? නැද්ද? කියලා හොයා ගන්නේ කොහොමද...?
වහන්න කළින් ඉන්දියාවෙන් ඕනෑ කරන අයව ගෙන්න ගත්තානේ... එහෙනම් ඉතින් මොකෝ..!!
මේ වෙලාවේ ගුවන් තොටුපල වහපු එක ලොකු ගැටලුවක්. විදේශ ගතව ඉන්න අයට සේවා කාලය අවසන් කරපු අයට එන්න විදියක් නැහැ.