IMG-LOGO

ගොවිජන බැංකු තැන්පතු කෝටි 600 ඉක්මවයි

 

(අංජුල මහික වීරරත්න)

ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකු වල ගොවි ජනතාවගේ තැන්පතු මුදල් රුපියල්  කෝටි 600 ඉක්මවා ඇතැයි ගොවිජන බැංකු නිලධාරීන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී ඇත.

ගොවිජන බැංකු මගින් ගොවීන්ට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට හා  කාර්යක්ෂම සේවාවක්  ලබාදීමට බැංකු නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී ඔවුන් අමාත්‍යවරයාට මෙම කරුණු දැක්වීම කර ඇත.

දැනට දිවයින පුරා  ගොවිජන මධ්‍යස්ථාන 556ක් ආශ්‍රිතව ගොවිජන බැංකු 556ක් තිබෙන බවත්  එහි සමස්ත සාමාජිකත්වය ලක්ෂ 13ක් බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙම බැංකු විධිමත් ලෙස අධීක්ෂණය කිරීම සහ ගොවිජනතාවට ලබාදෙන සේවාවන් පුළුල් කිරීමට වැඩපිළිවෙලක් සකසන ලෙස අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නේය.



අදහස් (0)

ගොවිජන බැංකු තැන්පතු කෝටි 600 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 500 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 198 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site