(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව සංචාරක ව්‍යාපාරයෙන් තව දුරටත් ආදායම් ඉපයීමට බලාපොරොත්තු වන්නේ නම් පරිසරය රැකගැනීමට රජය වාහාම කටයුතු කළ යුතු බවත් මුහුද විනාශ කරන ගාල්ල වාරයේ පිහිටි ටින්මාළු කර්මාන්ත ශාලාවේ ක්‍රියාවලිය වහාම අත්හිටුවීමට ජනාධිපතිවරයා මැදිහත් වියයුතු බවත් සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියන්ගල ආනන්ද සාගර ස්වාමීන්වන්සේ අද (16) පැවසීය.

ජනාධිපතිතුමා හෙටම එතුමාගේ විමර්ශන කණ්ඩායමක් ගාල්ලට යොමුකර වාහාම විමර්ශන වාර්තාවක් කැඳවා ශ්‍රී ලංකාවේ වඩාත් අලංකාර මුහුදු ප්‍රදේශයක් විනාශ කරන ආකාරය පිළිබඳව දැනුවත් වියයුතු බවත් වෙරළ සංරක්‍ෂණ අමාත්‍යංශ ඇතුළු පරිසර රැකගැනීමේ වගකීම තියෙන සියලුම රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් නිහඩව සිටීම පුදුමයට කරුණක් බවත් ආනන්ද සාගර ස්වාමීන්වන්සේ කීහ.

එම ටින්මාළු කර්මාන්ත ශාලාවෙන් දිනකට පිරිපහදු නොකළ අපවිත්‍ර ජලය ලීටර 150,000 ක් බැහැර කිරීමෙන් ගාල්ල සහ හික්කඩුව යන ඉතා වැඳගත් මුහුදු වෙරළ සහ රූමස්ල වැනි වඩාත් සංවේදී පරිසර කළාපය විනාශ වෙමින් පවතින බව කී ස්වාමීන්වහන්සේ බලධාරීන් එයට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද  කරන්න දිනපතා අපවිත්‍ර ජල ලීටර 150,000 බැගින් මුහුදට එකතු වීමෙන් ඉතාම නරක තත්වයකට පත්වන බව ද සඳහන් කළේය.