(ඉන්දිකා රාමනායක)
ගාල්ල බන්ධනගාරය තුළට විසිකළ ජංගම දුරකතන, බැටරි, දුම්කොළ සහිත තහනම් පාර්සල් දෙකක් බන්ධනාගාර නිලධාරීන් බාරයට ගෙන ඇත.
ඊයේ (27) රාත්‍රියේ ගාල්ල බන්ධනාගාරය අසල “ජේල් රෝඩ්” පටු මාවතේ සිට මෙම පාර්සල් දෙක බන්ධනාගාරය තුළට විසිකර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.
රාත්‍රි රාජකාරියේ යෙදී සිටි නිලධාරීන් එම පාර්සල් දෙක සිය බාරයට ගෙන පාලන අංශ වෙත ඉදිරිපත් කළ බව ඒකනායක මහතා පවසයි.
මෙම පාර්සල් දෙකේ, ජංගම දුරකතන 7ක්, එම බැටරි 7ක්, ලයිටර් 1ක්, දුම්කොළ 10ක්, තිබු බවත්, එම තහනම් භාණ්ඩ සහිත පාර්සලය ගාල්ල පොලිසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd