(සුමතිපාල දීයගහගේ සහ ඩි ජි සුගතපාල)

එක්සත් ජාතික පක්ෂයේ විනය පරික්ෂණ කමිටුවෙන් වැරදිකරුවන් බවට තීරණය කර ඇති ගාල්ල දිසාවේ ප්‍රාදේශීය සභා පහක ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් හත් දෙනෙක් එම තනතුරුවලින් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් රංගේ බණ්ඩාර මහතා ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්  ඩබ්ලිව් එච් ආර් විජේකුමාර  මහතා වෙත ලිඛිතව දන්වා ඇත.

ඉමදුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරියන් 2 ක් . හබරාදුව 1ක්  කරන්දෙණිය1  බද්දේගම 1 යක්කලමුල්ල 1 සහ බෙන්තොට 1 ක් වශයෙන් මෙසේ  ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 7 ක් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම්වරයා විසින්  නියෝජ්‍ය මැතිවණ කොමසාරිස්වරයා වෙත දැනුම්දී ඇත.

මෙම මන්ත්‍රිවරුන් හත්දෙනාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයේ විනය පරික්ෂණ කමිටුව කරන ලද විනය පරික්ෂණවලදි මොවුන් හත්දෙනා පසුගිය මහ මැතිවරනයේදි එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණයට කටයුතු නොකොට සමගි ජනබලවේගය පක්ෂයට ආධාර කළ බව සනාථවි ඇති බව විනය පරික්ෂණ කමිටුව තිරනය කොට මෙම මන්ත්‍රිවරුන්  7 දෙනා  එම පක්ෂයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.