(ජේ.කේ.එල්. චාමින්ද)
ඇදිරි නිතිය පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 66ම විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චානක සේනෙවිරත්න මහතා පවසයි.
කොරෝනා වසංගතයත් සමග තේ කම්හල්වල නිෂ්පාදන කටයුතු කිරිමේ ප්‍රායෝගික ගැටළු පැවතියද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තේ කම්හල්වල වැඩකටයුතු සිදුකරගෙන යන බව තේ කම්හල් හිමියන්ගේ සභාපතිවරයා පවසයි.
ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කිවේය.
තේ වෙන්දෙසිය කල්ගිහින් තියෙනවා. එය විද්‍යුත් ක්‍රමයට පැවැත්විමට කටයුතු කරමින් පවතිනවා. මේ නිසා තේ දළු ලබාදෙන කුඩා තේ වතුහිමියන්ට මුදල් ලබාදිමේ දි යම් ප්‍රමාදයක් ඇති වේවි.
එමෙන්ම දර සපයා ගැනිමේ දි ගැටළුවක් තියෙනවා. ඇදිරි නිතිය තිබිම නිසා දර කපන අය ඒ කටයුතු කරන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි ඉදිරියේ දි තේ නිමි බැග්වලත් ගැටළුවක් ඇති වේවි. තේ නිමි බැග් නිෂ්පාදනය කරණ කම්හල් වසාදමා තියෙනවා. තේ කම්හල්වල සේවය කරණ සේවකයින්ට මුඛ ආවරණ ලබාදි තියෙනවා. අත් සෙදිමට පහසුකම් සලසා තියෙනවා.
ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් තේ කම්හල්වල වැඩකටයුතු කරගෙන යනවා. නියගය නිසා තේ දළු අස්වැන්න අඩු වි ඇති බවද ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් සංගමයේ සභාපතිවරයා පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් අක්කර භාගයක තරමේ තේ වගාවක් තිබෙන කෙනෙක්... පසුගිය මාසයේ තදම පෑවිල්ල නිසා මගේ වගාව සම්පූර්ණයෙන්ම විනාශවුනා. මෙම තත්වය රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ දෙනෙකුට සිදුවුනා.දැන් ආදායමක් නැහැ මෙම විනාශය ගැන සංගණනයක් කලා කියල පුවතක් දැක්කා. නමුත් අපේ වගාවන් ගැනනම් කිසිවෙකු බැළුවේම නැහැ. අප ගැනත් බලා සහනයක් දෙන්න...