(යොහාන් භාසුර)
පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව අසළදී ගිලන්රථ රියදුරෙක්ට වෙඩි තැබීමට සම්බන්ධ වූයේ යැයි කියන පුද්ගලයන් සිවුදෙනාගෙන් එක පුද්ගලයෙක් සහ ඔහුට නවාතැන් දුන් පුද්ගලයකුද අත්අඩංගුවට ගත් බව පානදුර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පානදුර, අරුග්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සිද්ධියට කෙළින්ම සම්බන්ධ පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් ඇතුළු තොරතුරු රැසක් අනාවරණය වූ බව කී එම උසස් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන සිටින අනෙක් පුද්ගලයා සැකකරුට නවාතැන් දුන් අයෙක් බව ද සඳහන් කළේය.
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස පානදුර වලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙයක් වන ප්‍රමෝද් සඳකැළුම් නොහොත් ‘සිම් මල්ලී’ හදුනාගෙන ඇති බවත් හිරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන චමිඳු සංකල පීරිස් සහ ‘සිම් මල්ලී’ නැමැත්තන් ගිනිඅවි සහිතව සිටි පුද්ගලයන් ලෙස හදුනාගෙන ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම පුද්ගලයන් දෙදෙනාම මීට පෙර කිසිඳු බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිළි ලැබූ නොමැති පුද්ගලයන් බවට ද පොලිසිය කියයි.
යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් සිවුදෙනෙක් පසුගිය 27 වැනිදා පෙරවරුවේ පානදුර මූලික රෝහලේ ප්‍රධාන දොරටුව අසළදී ගිලන්රථක් පදවමින් සිටි රියදුරෙක්ට වෙඩි තැබූ අතර ගිලන්රථයට වෙඩි වැදුන ද ඔහුට කිසිඳු හානියක් නොවීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගිලන්රථ රියදුරුට වෙඩි තැබූ අයෙක් අත්අඩංගුවට
අගුපිලගේ Wednesday, 02 February 2022 04:00 PM
ලැබෙන තීන්දුව වාර්තාවෙන් පේනවා...