(උපුල් හේරත්)
දුම්කොළවල හට ගන්නා කෘමි උවදුරට යොදා ගන්නා කාබනික දිලීර නාශකයක් යොදා සිය බඩ ඉරිඟු වගාවේ සිටි සේනා දළඹුවන් විනාශ කිරීමට හැකි වූ බව ගලෙන්බිඳණු වැව , තෝඩාමඩුව, යකල්ලේ ගොවි මහතෙකු කියයි.
සේනා දඹුවා සිය වගාවෙන් මර්දනය කර දැමු බව ගලෙන්බිඳුණු, තෝඩාමඩුව, යකල්ලේ පදිංචි ගොවි මහතකු වන බී විජේසිංහ ගොවි මහතා අවධාරණය කරයි.
මෙම ගොවි මහතා පවසන කරුණ සම්බන්ධයෙන් විමසීමේදී මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ නිශාන්ති ගුණවර්ධන මහත්මිය සඳහන් කළේ විදේශ රටකින් සංක්‍රමණය වූ බවට සැලකෙන මෙම සේනා දළඹුවා වැනසීමට කෘමි නාශක වර්ග 12ක් සොයගෙන ඇති බවයි.
නමුත් එම කෘමිනාශක වලින් කෘමින් විනාශ වුවත් , සේනා දළඹුවාගේ බිත්තර වලින් හටගන්නා කෘමීන් විනාශ කිරීමේ හැකියාවක් නොමැති බව ගුණවර්ධන මහත්මිය සඳහන් කළාය.
කෙසේ වුවද බී.විජේසිංහ ගොවි මහතා පවසන මෙම කතාවේ සත්‍යතාව පිළිබඳව සොයා බලන බවද ගුණවර්ධන මහත්මිය පැවසුවාය.
(85515)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පෙරත් එක වගා කරුවෙකු කියල තිබුණ අළු සහ වැලි කලවම් කරලා වගාවට ඉස්සාම මේ දළඹුවා ගෙන් ආරක්ෂා කරගන්න පුළුවන් බව. ඊට අමතරව තවත් විද්වත් මහත්මයෙකුත් කියල තිබුණ අළු/ දහයිය අළු වලට මේ සතා විනාශ වෙනවා කියල. ඇයි මේ වගක් නිලධාරීන්ට ඇහෙන්නේ /පෙනෙන්නේ නැත්තේ? කෘමි නාශක නාවලා මේවා දෙන්නේ මිනිස්සුන්ට කන්න නේද ?
ලෝකයේ බඩඉරිඟුවගාව ප්‍රබල වශයෙන් කරන රටවල් වන කැනඩාව සහ ඇමරිකාවලත් තිබෙන මෙම උවදුර එම රටවල් සාර්ථකව පාලනය කර ඇති නිසා එමරටවලින් උපදෙස් ලබා ගැනීමට රජය කටයුතු කිරීම වැදගත්ය.
ප්‍රයෝගික අත්දැකීම් න්‍යායාත්මක දැනුමට වැඩ ප්‍රයෝජනවත් බව පෙන්වාදුන් විජේසිංහ ගොවි මහතාට ස්තුතියි.
ලංකාවේ පමණක් නොවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සේනා දලබුවෝ ගොවිතැන් විනාශ කරනවා වග කියන්න ඕනෙ. එම දලඹුවන් විනාශ කරන දිලිර නාශකය මිනිස් ශරීරයටත් අහිතකර බව අමතක කරන්න එපා. මෙවැනි විෂවර්ග ශරීර ගත වීමෙන් අනාගතයේ වකුගඩු සහ අක්මාව වැනි ශරීරයට නැතිවම බැරි ඉන්ද්‍රියන් විනාශ විය හැක. මේ වැනි අවස්තාවලදී කල හැක්කේ රජයෙන් ගොවීන්ට වන්දි ගෙවා ඵලදාව විනාශකර දැමීම පමණි. තැනට නුසුදුසු රසායනික පාවිචිය තහනම් කිරීම යෝග්යි.
බඩ ඉඟුරු පලාතෙන් පලාතට ප්‍රවාහනය තාවකාලිකව නතර කරන්න.. ගොවීන්ට වන්දි මුදලක් දීම අපහසු කාරණයක් නොවේ.
මොනවාද තවත් බලන්නෙ ඒ ගොවි මහතා කියන දිලීර නාශකය මිනිසුන්ට විස නොවේ නම් දළඹුවොත් මර්දනය වෙනවා නම් තවත් බල බලා ඉන්නේ මොකද ..
කරුණාකර යෙදු බෙහෙත ගැන දැනුවත් කරන්න
දුං කොළ වලට ගහන කෘමිනාශක ගහලා බඩ ඉරිඟු වගාව බේරා ගත්තා උනාට ඒ බඩඉරිඟු ආහාරයට ගන්නා මිනිසුන්ටත් බේරෙන්න පුළුවන් වෙයිද කියලත් හොයා බැලුවානම් හොඳයි.
එම මහතා යොදන්නේ කාබනික , රසායනික නොවන ස්වභාවික දිලීර නශකයක් . තවත් බලාගෙන ඉන්නේ මොකටද ?
මම දැනට වසර 35ක් පමණ පරීක්ෂණ කරලා අඩු වියදම් සෞඛ්‍ය ආරක්ෂක විදියට නිවසේ මදුරුවන් පලවාහරින ක්‍රමයකට පේටන්ට් එක අරන් තියනවා. කරන්නේ පැඟිරි තෙල් නැනෝ ලේයරයක් අප නිවාස තුල හදනවා. මේකට කෘමින් හරි සංවේදී වෙනවා. මාසයකටම මධ්‍යම පාන්තික නිවසකට වැයවන්නේ අවුන්ස 1/2ක් පමණි. රජයට ඕනේ නම් බිත්තර දාන්න කලින් කෘමියා පලවා හරින්න මේ ක්‍රමය පාවිච්චි කරන්න උපකරණ හදල දෙන්න මට පුළුවන්. එතකොට වකුගඩු රෝග වලින් මගේ ජාතිය බේරගන්න පුළුවන්.