
(රේඛා තරංගනී ෆොන්සේකා)
ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය බලාපොරොත්තු වූ ආකාරයට ප්‍රතිනිර්මාණය වී ඇතැයි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුගත් යාලේගම මහතා පවසයි.
කෙසේ වෙතත් ව්‍යාපෘතියට අදාළව සාර්ථක තැන් අසාර්ථක තැන් වැරදුණු තැන් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ආචාර්ය සුගත් යාලේගම මහතා කියයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද දින ගල්කිස්ස වෙරළ තීරයේ කෘතිම වැලිපරය සැකසීම ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක නියැලුණු අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
ගල්කිස්ස හෝටලය ආසන්න වෙරළ කලාපයේ මුහුදු තරංග හේතුවෙන් අධිකව ඛාදනයට ලක් වී තිබුණු හෙයින් වැලි ප්‍රවාහය වැඩි කිරීමේ අවශ්‍යතාවයක් පැවැත්වුණු බව ව්‍යාපෘතියේ නිවැරදි තැන් ලෙස හුවා දක්වමින් පැවසූ ඒ මහතා ගල්කිස්ස වෙරළ තීරය භාවිතා කරන සංචාරකයින් සහ දුම්රිය මගින් මෙන්ම හෝටල් හිමියන්ගෙන් වරින් වර ලැබුණු ඉල්ලීම් මෙන්ම වෙරළ රැක ගැනීමේ අවශ්‍යතාව නිසා මෙම වෙරළ තීරය සැකසීමේ ව්‍යාපෘතිය සඳහා අවධානය යොමු කළ බවද පැවසීය.
වෙරළ ප්‍රතිපෝෂණයට පෙර



වෙරළ ප්‍රතිපෝෂණයට පසු




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමගි ජන බලවේගේ මිනිස්සු මේ ගැනත් කතා කළොත් හොඳයි. පොළවේ හැපි හැපී මිනිස්සු අන්දන්න හැදුව හැටි මතක් වෙනවා. ඒ දවස් වල මේක කරද්දී. ඕන දේටයි එපා දේටයි මිනිස්සු කුලප්පු කරන්න හදපු ඈයොන්ට ඔන්න ඇස් පනාපිටම උත්තර.
හොඳ වැඩක්, දැන් තියෙන්නේ බැනපු උදවියට ඇවිත් ආයෙත් වතාවක් වීඩියෝවක් කරලා කියන්න සාර්ථකභාවය. මුල්ම කාලේ මෙම රජයේ සේවකයින් අසාර්ථක වුනා කියල ටීවී වල ,ටීවී වල පැය ගණන් දොස්මුරේ තියපු චැනල් දැන් සාර්තකවුන තැන ඔවුන්ව පසසීමත් කලයුතුයි. නැතිනම් ඔවුන්ගේ මාධ්‍යකරණය ගැන ජනතාව තීරණය කරනු ඇත මේ දිනවල කිරින්ද ගැන කියන කතා ඇත්තද නැත්තද කියලත් ඒ සමගම දැනගත හැකයි .
වෙනදාත් ඔය වැලිපරය මේ කාලයට තිබුණා.. මේ දවස්වල මුහුද සැර නැහැ. මේ සීසන් කාලේ මීගමුවේ ඉඳලා මාතර වෙනකන් දිගටම වැලිපරය තියෙනවා. ගසා කාපු 890,00,000 වැලි නොවෙයි ඔය තියෙන්නේ...
වැලි පරය ප්‍රතිනිර්මාණය වෙච්ච වේගෙට වැසි වනාන්තර නිර්මාණය වෙන්නේ නැහැ කියලා පොඩ්ඩක් සද්දෙන් කියන්න. නැතිනම් අපේ පරිසර ඔස්තාර්ලා කියයි ස්වභාවික වනාන්තරත් ප්‍රතිනිර්මාණය වෙනවා. ඒ නිසා ඒවායේ ගස් කැපුවාට කමක් නැහැ කියලා.
හැම වැඩේටම බයියෝ වගේ කෑගහන්න ඕනෑ නැහැ. වැඩේ හරියට කරන්න තමයි ඡන්දෙ දීලා යවලා තියෙන්නේ. අනිත් එක අපේ බදු සල්ලිනේ.. වියදම් කරන්නේ. ඉතින් එකඑකාගේ පස්සෙන් යන්න ඕනැ නැහැ.
අහන්නත් සතුටුදායක දෙයක්...