
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත් දා නීතිඥවරයකු විසින් පොලිස් නිළධාරියකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනයකට අදාලව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිට සාමාන්‍ය රාජකාරී සදහා වෛද්‍ය කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම ස්ථාන මාරුව සිදු කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්‍ය පටිපාටික රීති සන්ග්‍රහයේ 363 - 3 යටතේ මෙම මාරුව සිදු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔහුට වන්නියා සමඟ එකතු විය හැකියි.මෝඩ OIC.
අපි හරි වෙනස් ජාතියක් කියන්නේ නිකන් නෙවෙයිනේ. දැන් ඉතින් දෙපැත්ත බෙදිලා face book එකේ බැනගන්නවා . අර නීතිඥයා කතාකරපු ආකාරයත් ඉතාම පහත් .ඒ වගේම ඔය කොස්තාපල් වරයා අදාල යට පහරදුන්නද බැන වැදුනද කියල අපි දන්නේ නැහැනේ . පොලිසියේ අයගෙන් බහුතරයකගේ හැසිරීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එනිසා උසාවියට මේක බේරන්න දීල අනිත් ය නඩු අහන්න යන්නේ නැතිව තම තමන්ගේ රාජකාරිය කලා නම් හොඳයි .
හරකෙක්ටත් වඩා අන්ත විදිහට හැසිරුන උගත්-බුද්ධිමත් නීතීඥ මහතාට මාරුවක් නැද්ද?
හදිසියේ ඇතිවන ගැටලුවකදී වුවද අවශ්‍ය සාධනීය තීන්දු ක්ෂණිකව ගැනීම වෘත්තිය දක්ෂතාවයක්. එවැනි තීරණ ගත නොහැකි අය නායකත්වයට සුදුසු නැහැ. දැන් මේ පුද්ගලයා දෙවතාවක්ම ඔප්පු කරල තියෙනවා (ඕනනම් පලවෙනි වතාව ගැන හොයල බලන්න) ඔහු අනුගාමිකයෙක් මිසක් නායකයෙක් නෙවේ කියල. ඉතින් පත්කරපු අයත් වගකියන්න ඕන.