IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

ගල්කිස්ස අධිකරණ භූමියේදී ඉකුත්  දා නීතිඥවරයකු විසින් පොලිස් නිළධාරියකුට බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු වන විමර්ශනයකට අදාලව ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂක ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල තුෂාර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ සිට සාමාන්‍ය රාජකාරී සදහා වෛද්‍ය කොට්ඨාශය වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම ස්ථාන මාරුව සිදු කර තිබේ. රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්‍ය පටිපාටික රීති සන්ග්‍රහයේ 363 - 3 යටතේ මෙම මාරුව සිදු කර තිබේ. 



අදහස් (4)

ගල්කිස්ස මුලස්ථාන පොලිස් පරීක්ෂකට ස්ථාන මාරුවක්

visnu Monday, 13 October 2025 11:08 AM

දැන් ඔහුට වන්නියා සමඟ එකතු විය හැකියි.මෝඩ OIC.

:       0       0

sulalith Monday, 13 October 2025 11:13 AM

අපි හරි වෙනස් ජාතියක් කියන්නේ නිකන් නෙවෙයිනේ. දැන් ඉතින් දෙපැත්ත බෙදිලා face book එකේ බැනගන්නවා . අර නීතිඥයා කතාකරපු ආකාරයත් ඉතාම පහත් .ඒ වගේම ඔය කොස්තාපල් වරයා අදාල යට පහරදුන්නද බැන වැදුනද කියල අපි දන්නේ නැහැනේ . පොලිසියේ අයගෙන් බහුතරයකගේ හැසිරීම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. එනිසා උසාවියට මේක බේරන්න දීල අනිත් ය නඩු අහන්න යන්නේ නැතිව තම තමන්ගේ රාජකාරිය කලා නම් හොඳයි .

:       0       0

කව්ද බෝයි Monday, 13 October 2025 11:15 AM

හරකෙක්ටත් වඩා අන්ත විදිහට හැසිරුන උගත්-බුද්ධිමත් නීතීඥ මහතාට මාරුවක් නැද්ද?

:       0       0

වින්සන්ට් කජ්ජා Monday, 13 October 2025 11:44 AM

හදිසියේ ඇතිවන ගැටලුවකදී වුවද අවශ්‍ය සාධනීය තීන්දු ක්ෂණිකව ගැනීම වෘත්තිය දක්ෂතාවයක්. එවැනි තීරණ ගත නොහැකි අය නායකත්වයට සුදුසු නැහැ. දැන් මේ පුද්ගලයා දෙවතාවක්ම ඔප්පු කරල තියෙනවා (ඕනනම් පලවෙනි වතාව ගැන හොයල බලන්න) ඔහු අනුගාමිකයෙක් මිසක් නායකයෙක් නෙවේ කියල. ඉතින් පත්කරපු අයත් වගකියන්න ඕන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 758 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 571 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site