
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සීමාසහිත ගල්ඔය (පෞද්ගලික) සමාගමේ පරිපාලන තීරණ ගැනීමේදී වැඩි බලතල පෞද්ගලික සමාගම් දෙක සතු වන්නේ කෙසේදැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුවේ ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා එම සමාගමේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ප්‍රශ්න කළේය.
මෙම ආයතනයේ සියයට 51 ක කොටස් අයිතිය රජය සතුවද සියයට 49 ක කොටස් අයිතිය පෞද්ගලික අංශයේ සමාගම් දෙකක් සතුවද පවතින බව හෙතෙම සඳහන් කළේය.
ගල්ඔය වැවිලි( පුද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (24) රැස්විය.
සභාපතිවරයා මෙම ප්‍රශ්න කිරීම කළේ ඒ අවස්ථාවේදීය.
නව දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයේ 5 දෙනෙකු රාජ්‍ය අංශයද 4දෙනකු පෞද්ගලික අංශයද නියෝජනය කරන බව පැවසූ චරිත හේරත් මහතා ඉන් එක් නිලධාරියකු ඉල්ලා අස්වී ඇති බවද ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් මෙම සමාගම සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී වෙනමම පරිපාලන කළමනාකරන සමාගමක් ලෙස LOLC සමාගම ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී එම ආයතනයේ නිලධාරීන් පැවසුවේ පරිපාලන තීරණ ගැනීම සම්බන්ධයෙන් වැඩි බලතල අදාළ ගිවිසුමෙන් පෞද්ගලික අංශයේ සමාගම් දෙක සතු වන බවයි.
මෙම සමාගමේ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පවතින බලතල මොනවාදැයි කෝප් කමිටු සභාපති වරයා මෙහිදී ප්‍රශ්න කළේය.
එසේම 2010 වර්ෂයේදී අත්සන් කරන ලද ගිවිසුම අවසන් වීමට පෙර තවත් වසර දහයකට එනම් 2030 වර්ෂය වනතුරු නැවත ගිවිසුම්ගත වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය.
මෙම තත්වය පිළිබඳ විශේෂ වාර්තාවක් විගණන දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කෙරුණු අතර එම වාර්තාවද සාකච්ඡා කළ යුතු බව චරිත හේරත් මහතා පැවසීය. ඒ අනුව සීමාසහිත ගල්ඔය වැවිලි (පෞද්ගලික ) සමාගම සම්බන්ධයෙන් වන මෙම විමර්ශනය දෙසැම්බර් මස 6 වන දින දක්වා කල් තබනු ලැබීය.
මෙම කාරක සභා රැස්වීමට අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරුන්වන සුසිල් ප්‍රේමජයන්ත, නාලක ගොඩහේවා, ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්පකුමාර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, ප්‍රේම්නාත් සී දොලවත්ත, රවුෆ් හකීම්, මධුර විතානගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව් මේ කෝප් කමිටුවෙන් හොරාගේ අම්මගේන්මයි පේන අහන්නේ හැමදාම.
මේ කියන COPE කමිටුවෙන් මෙච්චර කාලෙකට කාටවත් දඬුවමක් දීලා නැති නිසා කවුරුත් කලබල වෙන්න එපා...
මේ තියෙන ආකාරයට නම් නොමග යවන සුලුයි. මේකෙ කොහෙද හෙලිදරව් වූ දූෂණ තියෙන්නේ... මේ නිව්ස් එකේ කියන්නේ ගිවිසුම් ගත වූ ආකාරය හා වැඩි බලතල 49% ක්වූ කොටස් හිමියන්ට ඇත්තේ ඇයි කියලා ඇසීමක් විතරයි...