IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගල් අගුරු ටෙන්ඩරය පුබුදු ජයගොඩට සැකයිලු

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුව සාමාන්‍යෙන් ගල් අඟුරු ටෙන්ඩරයක් කැඳවීමේදී ඒ ටෙන්ඩරයට ඉල්ලුම් කිරීම සඳහා සති හයක කාලයක් ලබාදිය යුතු වුවත් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට මේ දිනවල සමාජයේ විශාල කතා බහක් නිර්මාණය වී ඇති ටෙන්ඩරයට ලබාදී ඇත්තේ සති තුනක කාලයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද (22) ප්‍රකාශ කළේය.

හදිසි අවස්ථාවක් නිසා එම ටෙන්ඩරය සඳහා වන කාල සීමාව සති තුනට අඩු කිරීමට සිදුවූ බව ආණ්ඩුව පැවැසුවත් එම හදිසි අවස්ථාව කුමක්දැයි තවමත් රජය ප්‍රසිද්ධ කර නැතැයි ජයගොඩ මහතා පැවැසුවේය. ටෙන්ඩරයක් සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාල සීමාවක් ලබා නොදුන්විට ඒ සඳහා උනන්දු පාර්ශ්වයන්ට ලංසු ඉදිරිපත් කිරීමට තිබෙන අවස්ථා මග හැරෙන බවත් එවිට එම ටෙන්ඩරයට ඇස ගසාගෙන සිටින පාර්ශ්වයකට එම ටෙන්ඩරය හිමිකර ගැනීමට අවස්ථාව හිමිවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

එවන් පසුබිමක අක්‍රමිකතාවයක් සිදුවූවා යැයි කියන ගල් අඟුරු ටෙන්ඩරය සඳහා සති තුනක කාලයක් ලබා දුන්නේ රජය යම් කිසි පාර්ශ්වයක් සමග ඇතිකර ගත් ගනුදෙනුවක් නිසාවෙන් දැයි සැකයක් මතුවන බවද ජයගොඩ මහතා පැවැසුවේය.

සාමාන්‍යයෙන් මෙරට ගල් අඟුරු ටෙන්ඩර කැඳවන්නේ පෙබරවාරි හෝ මාර්තු මාසවල බවත් ජූලි මාසය වනවිට සමාගමක් තෝරාගෙන සැප්තැම්බර් මාසය වනවිට ඇණවුම බාර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කළේය. නමුත් මෙම ටෙන්ඩරය කැඳවා ඇත්තේ අගෝස්තු මාසයේ බවත් ඒ හේතුවෙන් ඇණවුම බාර ගන්නා විට නොවැම්බර් මාසය වනු ඇති බවත් ඔහු පැවැසුවේය. මේ හේතුවෙන් මෙරට ගල් අඟුරු හිඟයක් ඇති වීමේ අවදානමක් තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

ගල් අඟුරු හිඟයක් ඇතිවුවහොත් ජනතාවට ප්‍රශ්න දෙකකට මුහුණ දීමට සිදුවනු ඇති බවද ඔහු පැවැසුවේය. පළමු වැන්න ගල් අඟුරු හිඟවී වැඩිමිලට මිලදී ගැනීමට කටයුතු කළහොත් විදුලිය ගාස්තුව ඉහළ යනු ඇති බවත් ගල් අඟුරු හිඟවන අවස්ථාවේ වර්ෂාවද හිඟ වුවහොත් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම ගල් අඟුරු හිඟයක් ඇතිවුවහොත්  ඩීසල්වලින් ක්‍රියාත්මක වෙන පෞද්ගලික විදුලිබලාගාර හිමියන්ට වාසි අත්වන බවත් ඔවුන්ට වාසි ලබාදීමට ටෙන්ඩරය ප්‍රමාද කළා දැයි සැකයක් මතුවන බවත් ඔහු පැවැසුවේය. අනෙක් බරපතළම කාරණය නම් ටෙන්ඩරය අගෝස්තු මාසයේ කැඳවීමේ එම ටෙන්ඩරය පැනකේප් නම් සමාගමට ලබාදීමට කළ කුමත්‍රණයක් දැයි සැකයක් මතුවන බවද ඔහු ප්‍රකාශ කළේය.

 ගල් අඟුරු සමාගමේ සභාපතිවරයාට ඉල්ලා අස්වීමෙන් වගකීමෙන් නිදහස් නොවිය හැකි බවත් ඔහුට විරුද්ධවද පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ජයගොඩ මහතා පැවැසුවේය. පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.



අදහස් (4)

ගල් අගුරු ටෙන්ඩරය පුබුදු ජයගොඩට සැකයිලු

ගුණරත්න Friday, 22 August 2025 06:06 PM

ටෙන්ඩර් කැඳවීම හිතාමතා ප්‍රමාද කලේ හිඟයක් හදන්න, හිඟයක් තියෙනවිට ආණ්ඩුව කරන වැඩේ සාධාරණීකරණය කරන්න පුළුවන්. මොව්න් නම් හොරුන්ගෙත් හොරු කම්බා හොරු...

:       11       44

sachith Saturday, 23 August 2025 07:21 AM

තව කාට හරි මේ ලණුව කාලා, උසාවියේදී ප්‍රසිද්ධියේ සමාව ගන්න පුළුවන්...

:       1       0

Nishan Saturday, 23 August 2025 08:35 AM

මාස 10 ක් ඇතුලත මේ වගේ දූෂණ වංචා කරපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ නොවෙයි ලෝක ඉතිහාසයේවත් නැතුව ඇති...

:       0       2

අරවින්ද මොණරවිල Saturday, 23 August 2025 08:48 AM

ටෙන්ඩරය ගැන උනන්දුවක් දක්වන අයට නම් සති තුනක් නොවෙයි දවස් තුනක් වුණත් ඇති ඉදිරිපත් වෙන්න. මොකද ඒ අය දන්නවා වර්ථමාන ටෙන්ඩරය අහෝසි වෙන සහ ඊළඟ ටෙන්ඩරයට අයැදුම්පත් කැඳවන කාල වකවානු... ඒ නිසා පුබුදු ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් තැන තැන කෙඳිරි ගාන්නේ නැතුව උසාවියට ගිහිල්ලා කරුණු කියලා තමන්ගේ හාම්පුතුන් වෙනුවෙන් පෙනී ඉන්න...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site