(පාලිත ආරියවංශ)
බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය දණ ගැස්සූ බවට චෝදනා ලබා සිටි ඌව හිටපු ප්‍රධාන ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නිදොස් කොට නිදහස් කරන්නැයි බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස මහතා අද නියම කළේය.
සමාථ මණඩලයේදි ඇති වී තිබෙන සමථය අනුව චූදිත මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරන බව මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.
බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිය ගේ පැමිනිල්ලක් මත මෙම නඩුව පවරා තිබිණ.
නීතිපති උපදෙස් මත මෙම නඩුව සමථමණ්ඩලයට යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා ඉකුත් දා නියෝග කළේය.
ඒ අනුව බදුල්ල සමථ මණ්ඩලය කැදවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකගතාව මත සමථයකට පත්වූහ.
භවානි රඝුනාදන් මහත්මිය අධිකරයට පැමිණ සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හ්ම්... දැන් මේ මට්ටමේ අයත් නිදොස් කොට නිදහස් කරනවද? ඇත්තටම එයා නිදොස්ද?
බඩුත් හාමුදුරුවන්ගේ, නඩුත් හාමුදුරුවන්ගේ කියන උපහැරණය ලංකාවට විතරක් ආවේණික එකක් නම් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා පිටරටටත් ප්‍රවර්ධනය කළ හැකියි. ඒත් ඒ රටවල කට්ට්ය නම් ප්‍රතිවිරෝධීව අපේ අයව පන්නා ගනියි. මෙහෙ නම් උගත්, නූගත් වෙනසක් නැතිව හැම තැනම කෝළං කාරයින් තනිකරම නාට්‍යය පෙන්වන්නේ...