(නිමන්ති රණසිංහ)
අඹන්පොළ ග්‍රාමනිලධාරී කේ.පී සපුකුමාර මහතා කපා කොටා ඝාතනය කිරීම සැලසුම් කළැයි කියන ගල්ගමුව දුම්රිය ස්ථානයේ පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා ලබන 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන මහතා අද (05) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කර ඇත්තේ, ගල්ගමුව දුම්රිය ස්ථානයේ පුහුණු දුම්රිය ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ගල්ගමුවේ පදිංචි චානක තිලාන් කුමාර නැමැත්තෙකි.
මෙම සැකකකරු අඹන්පොල පොලිසිය ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd