
(කේෂර ගුණතිලක)
සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවිදුපුර පොලිස් වසමේ අංක 122 බරවාය ග්‍රාම නිලධාරී වසම භාර ග්‍රාම නිලධාරිනිය අල්ලස් ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් දූෂණ හෝ වංචා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අද සවස අත්අඩංගුවට ගෙන ඇත.
කාර්යාලයට අල්මාරියක් ලබා ගැනීම සඳහා රුපියල් 23,500 මුදලක් සියඹලාණ්ඩුව 02 කණුව ප්‍රදේශය ජේ. ආර් වෙළෙඳ සැලට ගෙවා මුදල් ගෙවූ බිල්පත ඇයට ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
බිල්පත ලබා ගන්නා අවස්ථාවේ අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සියඹලාණ්ඩුව පොලීසියේ රඳවා සිටින හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම වෙලා තියෙන ග්‍රාම නිළධාරිනිය මගේ ගමේ කෙනෙක්. මේ ගොවිඳුපුර වසමේ නීති විරෝධීව ගස් කපන්න, permit එකක් හදාගන්න, ගමේ චණ්ඩියෙක් කීප වතාවක් මේ නිළදාරිනියගෙන් ඉල්ලලා තියෙනවා. ඒ හැම අවස්ථාවෙම ඇය ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සල්ලිත් දෙන්න හදලා. ඒත් ඇය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ සම්බන්ධව ඇය ඉහළ නිළධාරීන්වත් දැනුම්වත් කරලා තියෙනවා. ඊට පසුව වෙනත් පුද්ගලයෙක්ගේ (චන්ඩියගේ මිතුරෙක්) යම්කිසි නීත්‍යානුකූල වැඩක් කරගන්න අනුමැතිය ලබා දුන්නට පස්සේ ඒ පුද්ගලයා මුදලින් උපකාර කරන්න හදලා තියෙනවා. ඒක ප්‍රතික්ෂේප කරාට පස්සේ ඔෆිස් එකට අල්මාරියක් ගෙනෙල්ලා දෙන්නම් කියලා. ඒකත් ප්‍රතික්ෂේප කරාට පස්සේ තමයි මේ මුදල් ගෙවන ලද බිල අරන් ඇවිත් තියෙන්නේ. ඒ වෙලාවෙම අල්ලස් එකට ඔත්තුව දීලා එවන්නත් අර චණ්ඩියා අමතක කරලා නැහැ. නීත්‍යානුකූලව වැඩක් කරන නිළධාරීන් තමන්ගේ අනීතික වැඩ වලට කරදරයක් වුණාම මේ විදියෙන් හරි අයින් කරන්න හිතන්න ඇති. කොහොම වුණත් සත්‍ය ජයගන්නවාමයි කවදහරි. (ජොබ් එකට අලුතෙන්ම ඇවිත් probation period එකේ හිටපු ඒ නංගි ගේ මුළු ජීවිතේම ඉතින් මේකෙන් විනාශ වෙනවා. පව්