(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතව සුව ලැබූ ගර්භණී මව්වරුන්ට පසු රෝගී තත්වයන් මාස හයක පමණ කාලයක් පැවතිය හැකි බවත් ‘කොවිඩ්’ සුව වී සති හතරකින් පමණ පසු රෝගී තත්වයන් ඇති වියහැකි බවත් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥා වෛද්‍ය සරත් ලැනරෝල් මහතා පවසයි.

මෙහිදී ස්වසන අපහසුතා, වීඩාකාරි බව,  මාංශ පේෂි වේදනවා සහ දණහිස් වේදනා ඇති වන බව කී විශේෂඥා වෛද්‍ය සරත් ලැනරෝල් මහතා පැවසුවේ මෙය බරපතල තත්වයක් නොවූවද එවැනි රෝගී තත්වයන් තිබේ නම් ප්‍රසව හා නාරිවේද විශේෂඥා වෛද්‍යවරයා හමුවීම වැඳගත් බවයි.

ශ්‍රී ලංකාව තුළ සිටින ගර්භණී මව්වරුන් ලක්‍ෂ දෙකක පමණ සංඛ්‍යාවෙන් සියටය 90 ක් පමණ එන්නත ලබාගෙන ඇති බවත් ‘කොවිඩ්’ ආසාදිතව මරණයට පත්ව ඇති ගර්භණී මව්වරුන් සියලු දෙනාම පාහේ එන්නත ලබාගෙන නොමැති බව වාර්තා වන බවත් කීය.

ගර්භණී මවකට ‘කොවිඩ්’ ආසාදනය වීම කුස තුළ සිටින දරුවාට ද බලපෑමේ අවස්ථාව තිබෙන බවත් ප්‍රසව හා නාරිවේද විශේෂඥා වෛද්‍ය සරත් ලැනරෝල් මහතා වැඩි දුරටත් පැවසීය.