(අංජුල මහික වීරරත්න)
ගුරුවරුන්ගේ අයිතීන් දිනා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය පූර්ණ සහයෝගය ලබා ලබාදෙන බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
ගොවි අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් ද එක්සත් ජාතික පක්ෂය සක්‍රීය දායකත්වයක් ලබාදෙන බව කී විජයවර්ධන මහතා සෑම විටම ජනතාව සමඟ සිට ගනිමින් ඔවුන්ගේ අයිතීන් ලබා දීම සඳහා අප කටයුතු කරන බවද සඳහන් කළේය.
ස්වයං රැකියාවක් කර රටට බරක් නොවී ජීවත් වූ ජනතාවට පවා අද ආණ්ඩුව යන එන මං නැති කර ඇති බවද විජයවර්ධන මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රතිසංවිධාන වැඩසටහන් වලට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1980 ජූලි මාසයේදී ඔබ සිටියානම්!!!
මොකක් හරි කොනක එල්ලිලා රට වට්ටන්න එපැයි..
මාර සත්ව කරුණාවක් පහළ වෙලා. අවුරුදු 24ක පරණ කතාවක්... එ් 24 ටම තමන්ගේ රජයක් තිබුණේ නැත්ද? නිකං බොරු සෝබන එපා මහත්තයා...
මේවාට කොහෙන් හිනාවෙන්නද මන්දා... විලක්කුව අරගෙන ගිහින් ගිනි අවුලුවලා... දැන් කියනවා සහාය දෙනවලු. ඉතින් ඕක යහපාලනය කාලේ දෙන්න තිබුණනේ. බොරුවෙන්මයි මේ මිනිස්සු ජීවත් වෙන්නේ...
බොර දියේ මාලු බෑම...
(ගුරුවරුන් සඳහා මාසික වැටුපක් ලැබේ) ගුරුවරුන්ගේ අයිතීන් දිනා ගැනීම වැදගත් වුවත් කොවිඩ් නිසා නිසි අධ්‍යාපනයක් නොලබන පාසල් සිසුන්ගේ අධ්‍යාපනය තවදුරටත් විනාශ කිරීමේ වගකීම බාරගැනීමට අවසානයේ කිසිවකු නැත.